රට වෙනුවෙන් වගකීම් ඉටු කරන්න ඕනෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 4, 2022

රට වෙනුවෙන් වගකීම් ඉටු කරන්න ඕනෑ

ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරනවිට බවත්, වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම සුදුසු නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 

රටක් නිසි දිශානතිය කරා මෙහෙයවීමේදී රටේ සියලු දෙනාගේම සහය බලාපොරොත්තු විය නොහැකි බවත්, වෙනස් නොවන අය දෙස බලා අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැලසුම් කර ඇති දේ අථැර දමන්නට සූදානම් නැතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. රජයේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලුදෙනා සතුටු කිරීම නොවන බවද ජනාධිපතිවරයා කීවේය. 

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ 74 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතා අදහස් දක්වමිනි. අසුබවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැතැයි කී ජනාධිපතිවරයා ප්‍රශ්නයකට විසඳුමක් ඉදිරිපත් නොකොට විවේචන කරන්නට පුරුදු වී ඇති අයට අනාගතය ගැන දැක්මක් නැතැයිද ප්‍රකාශ කළේය. 

දුෂ්කර කාල හැමදාමත් එකසේ පවතින්නේ නැතැයි ද කී රාජපක්ෂ මහතා එවැනි කාලවලට මුහුණදීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍ය බවත්, අන් අයව මානසිකව වට්ටන පුද්ගලයන් සමාජයට කරන්නේ උපකාරයක් නොවන බවද කිවේය.

෴ ඩයනා උදයංගනී 
උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom