වැලන්ටයින් වෙනුවෙන් හැඩවුණු අනන්‍යා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 15, 2022

වැලන්ටයින් වෙනුවෙන් හැඩවුණු අනන්‍යා

වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් රතු පැහැ ගවුමකින් සැරැසී ඡායාරූප එකතුවකට පෙනී සිටි අනන්‍යා මේ වනවිට එම ඡායාරූප ඇගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ. එය ඉන්දීය මාධ්‍ය අවධානය දිනා ගැනීමට සමත් වී ඇත.

බොලිවුඩයට තමවත් නවකයකු වුවත්, 23 හැවිරිදි අනන්‍යා පාණ්ඩේ බොලිවුඩ් රසික රසිකාවියන්ගේ පමණක් නොව සිනමා  ලෝලීන්ගේ ආදරය දිනා ගැනීමට සමත් වී ඇති නිළියකි. මේ දිනවල අනන්‍යා වැඩියෙන් කතාබහට ලක් වෙයි. ඒ, 'ගෙහ්රයියාන්' Gehraiyaan (2022) චිත්‍රපටය නිසාය. 
චිත්‍රපටයේ ප්‍රධාන නිළිය අනන්‍යා නොවෙයි. දීපිකා පදුකෝන්ය. අනන්‍යා ඇයට ලැබුණු චරිතයට සාධාරණයක් ඉටු කර ඇතැයි සිනමා විචාරකයන්ගේ අදහසය. ශකුන් බත්‍රාගේ නවතම චිත්‍රපටය වන්නේ 'ගෙහ්රයියාන්' Gehraiyaan ය. චිත්‍රපටය 'ඇමසන් ප්‍රයිම්' Amazon Prime හරහා නැරැඹීමට මේ වනවිට අවස්ථාව ලැබී තිබේ.

Gehraiyaan යනු සොහොයුරියන් දෙදෙනකු වටා ගෙතෙන අසම්මත ප්‍රේමයක් ගැන කියැවෙන සෘංගාරාත්මක බොලිවුඩ් චිත්‍රපටයකි. දීපිකා සහ අනන්‍යා සොහොයුරියන් ලෙස චිත්‍රපටයට එක් වී සිටිති.

Gehraiyaan සම්බන්ධයෙන් බොලිවුඩයේ දැඩි ආන්දෝලනයක් නිර්මාණය කිරීම ද විශේෂත්වයකි. බොලිවුඩ් විචාරකයන් පමණක් නොව නළු නිළියන් ද චිත්‍රපටය විවේචනය කිරීම ආරම්භ කර තිබේ. හේතුව මෙම චිත්‍රපටයට පාදක වන අසම්මත සම්බන්ධයයි. 
අසුබවාදී විවේචන එල්ල වුවත් ඇතැම් විචාරකයන්ගේ පැසැසුම් චිත්‍රපටයට ලැබී තිබේ. දීපිකා පදුකෝන් නොබියව, එවැනි ශෘංගාරාත්මක චරිතයක් නිරූපණය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශංසා කර තිබේ. සිද්දාන්ත් චතුර්වේදී සහ ධෛර්යා කර්වා ද චිත්‍රපටයට එක් වී සිටිති. 

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom