DNA සොරකම් කරන්න හදලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 12, 2022

DNA සොරකම් කරන්න හදලා

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, රුසියන් ජනාධිපති හමුවීමට මොස්කව් අගනුවරට ගිය අවස්ථාවේදී රුසියන් බලධාරීන් ප්‍රංශ ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ 'මාස්ක්' නොමැතිව පුටින් හමුවට යෑමට නම්, ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු විය යුතු බවය. 

ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඊට විරෝධය දක්වා ඇත. ඒ, ‘කොවිඩ් 19’ පරීක්ෂණ හරහා රුසියානුවන් තම ඩී.එන්.ඒ. හොරකම් කරාවි යැයි බියක් පැවැති බැවින් යැයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ. 

'මාස්ක්' නොමැතිව, රුසියන් ජනාධිපති මුහුණට මුහුණ හමුවීමට නම් අනිවාර්යයෙන් ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු විය යුතු බව රුසියන් බලධාරීන් ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට දැනුම් දුන්නේ, ඔහු මොස්කව් අගනුවරට පැමිණි පසුවය. 

ප්‍රංශ ජනාධිපතිවරයා එකහෙළා එය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ හමුව සිදුවූයේ මීටර් දෙකකට වඩා දුරක සිට සාකච්ඡා පවත්වමිනි. දෙදෙනා අසුන් ගෙන සිටියේ අඩි 13 ක් දිග මේසයක දෙකෙළවරය.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom