‘ඩෙල්ටාක්‍රෝන්’ බිහිසුණුයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 13, 2022

‘ඩෙල්ටාක්‍රෝන්’ බිහිසුණුයි

‘කොවිඩ් 19’ අවදානම තවමත් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ අනතුරු අඟවා ඇත්තේ ‘ඩෙල්ටාක්‍රෝන්’ දෙමුහුම් ප්‍රභේදය සම්බන්ධයෙන් බිය පළ කරමිණි. 

ප්‍රබලත්වය අඩු ‘ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ ‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය අවසන් වේවි යැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළත්, එය එසේ නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අනතුරු අඟවා තිබුණි. 

‘ඩෙල්ටාක්‍රෝන්’ දෙමුහුම් ප්‍රභේදය සම්බන්ධයෙන් බියක් හටගෙන ඇත්තේ එවැනි පසුබිමකය. 

‘ඩෙල්ටාක්‍රෝන්’ යනු ‘කොවිඩ් 19’ ඩෙල්ටා විකෘතයත්, ‘ඔමික්‍රෝන්’ විකෘතියත් මුසුවී නිර්මාණය වූ දෙමුහුම් වයිරස විකෘතියයි. 

මේ වනවිට ‘ඩෙල්ටාක්‍රෝන්’ ආසාදිතයන් ඇමෙරිකාවෙන් සහ යුරෝපා රටවලින් වාර්තා වීමට පටන් ගෙන තිබේ. මෙතෙක් හමුවී ඇති ‘ඩෙල්ටාක්‍රෝන්’ ආසාදිතයන් ගණන 22 ක් යැයි පැවැසෙයි.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad