බිහිසුණු සොයා ගැනීම ! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 21, 2022

බිහිසුණු සොයා ගැනීම !

දශක තුනකට පෙර, පුරා විද්‍යා ගවේෂණ කණ්ඩායමක්, නවසීලන්තයේ 'මවුන්ට් ඕවන්' කඳුකරයේ පිහිටි ලෙන් පද්ධතිය ගවේෂණය කරන්න විය. මේ ලෙන් පද්ධතිය ගවේෂණ කණ්ඩායමක් ගවේෂණයට ලක් කළ පළමු අවස්ථාව ද මෙය විය. 

ගවේෂණ කණ්ඩායම එක් ලෙනක් පරීක්ෂා කරමින් සිටිද්දී, එය තුළ තිබී මහ අමුතු දෙයක් හමුවිය. එය කණ්ඩායම තැති ගැන්වීමට සමත් විය. එය කොඳු ඇට පෙළ සීතල කරවන, හිරිගඩු පිපෙන ආකාරයේ සිත් කලඹන සොයා ගැනීමකි. මේ සටහන සමඟ පළවන ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ පුරා විද්‍යාඥයන් මවිතයට පත් කළ ඒ සොයා ගැනීමය. 

ඒක සතකුගේ පාදයක් හෝ අතකි. තියුණු නියවලින් සමන්විතය. මෙවැනි පාදයක් ඇති සතකු සැබෑ ලෝකයේ ඇත්තේ නැත. බැලූ බැල්මට විද්‍යා පුබන්ධ චිත්‍රපටවල දකින්න ලැබෙන යෝධ සතකුට අයත් කොටසක් වැනිය. ඇත්තම කීවොත්, මේක පාදයක් ද නැතිනම් අතක් ද යන්න විද්‍යාඥයන් අදටත් නිශ්චිතව තහවුරු කරගෙන නැත. මේ අත හෝ පාදය අයත් සත්වයා මොකෙක්දැයි හරිහැටි පැහැදිලි කරන්නට විද්‍යාඥයන් සමත් වී නැත.

බැලූබැල්මට මේ බිහිසුණු තියුණු නිය ඇති අත හෝ පාදය අතීතයේ විසූ ඩයිනසෝරයකුගේද? මිත්‍යා කතාවල සඳහන් යෝධ මකරකුගේද? නැතිනම් වෙනත් ආකාරයක බිහිසුණු සත්වයකුගේද? මේ ප්‍රශ්නවලට තවමත් නිශ්චිත පිළිතුරු ලැබී නැත. විද්‍යාඥයන්ට මේ තියුණු නිය ඇති අත හෝ පාදය 'මවුන්ට් ඕවන්' කඳුකරයේ ලෙන් පද්ධතියෙන් හමුවෙද්දී එය හමුවෙද්දී, බොහොම හොඳින් සුරැකිව පැවැතිණි. 

විද්‍යාඥයන් එය වෙලින්ටන් අගනුවරට රැගෙන ආවේ බොහොම පරිස්සමෙනි. එහි මාංශපේෂීන් පවා හොඳින් ආරක්ෂිතව පැවැතිණි. එය ආරක්ෂා කළේ ලෙන තුළ පැවැති පරිසර තත්ත්වයයි. හමුවුණු මෙම බිහිසුණු නිය ඇති මේ අත හෝ පාද කොටස නවසීලන්ත විද්‍යාඥයන් මවිතයට පත් කළා පමණක් නොව, එය කුමක්දැයි සෙවීමට ඔවුන් තුළ උනන්දුවක් ද ඇති කළේය.

ඒ අනුව, ජීව විද්‍යාඥයන් කණ්ඩායමක් එය පරීක්ෂා කරමින් කියා සිටියේ එය පාදයක කොටසක් බවත්, එහි හිමිකරු අතීතයේ නවසීලන්තය සහ ඒ අවට කුඩා දූපත්වල ජීවත් වූ 'මෝවා' නමැති පියැඹීමට නොහැකි වුණු යෝධ කුරුල්ලාට බවත්ය. මේ පැහැදිලි කිරීම බොහෝ දෙනකුට අසල්වැසිල්ලක් වූයේ, ඔවුන් බිහිසුණු සත්වයකු ගැන බියෙන් පසුවුණු බැවිනි. එසේ වුවත්, මෙම පාදය මෝවාගේ කීමට විද්‍යාඥයන් සතුව සියයට 100 ක් සාක්ෂි නැත. ඒත් ඒ පැහැදිලි කිරීම ප්‍රමාණවත්ය. 
මෝවා යනු අහස අහිමි, පැස්බරා, එමු සහ කැසෝව්රි වැනි කුරුල්ලෙකි. පැස්බරා ජීවත් වන්නේ අප්‍රිකාවේය. පැස්බරාට වඩා ප්‍රමාණායෙන් කුඩා එමු ජීවත් වන්නේ නවසීලන්තයේ අසල්වැසියා වන ඕස්ට්‍රේලියාවේය. කැසෝව්රි ඊසානදිග ඕස්ට්‍රේලියාවේත්, නිව් ගිනියාවේත් අරු දූපත්වලත් වැසි වනාන්තරවල දකින්න ලැබේ. අතීතයේ මෝවා ද නවසීලන්තය සහ ඒ අවට දූපත්වල වාසය කරන්න ඇත. 

හමුවුණු පාද කොටස විශ්ලේෂණය කරද්දී තහවුරු වූයේ එය අවුරුදු මිලියන 3,300 ක් පැරැණි බවය. දිගු පාදවලින් සහ යෝධ සිරුරකින් සමන්විත 'මෝවා' අවුරුදු 700 කට හෝ 800 කට කලින් අද ඕවන් කඳුකරය අයත් ප්‍රදේශයේ සහ නවසීලන්තය අවට කුඩා දූපත්වල වාසය කරන්න ඇතැයි විද්‍යාඥයන්ගේ මතයයි. හමුවුණු පාදය මෝවාගේදැයි යන්න පිළිබඳ සැකයක් පැවැතියත්, මෝවා සැබෑවකි. විද්‍යාඥයන්ට අවස්ථා ගණනාවකදී මෝවාගේ අස්ථි හමුවී තිබේ. ඒ කැණීම් කරද්දීය. 

නවසීලන්ත කෞතුකාගාැවල මෙම අස්ථි පමණක් නොව, ප්‍රතිනිර්මාණය කළ පුළුන් පිරවූ මෝවා සිරුරු ද ප්‍රදර්ශනයට තබා තිබේ. මෝවා බිහිවෙන්න ඇතැයි පැවැසෙන්නේ මීට අවුරුදු මිලියන 8.5 කට පෙරය. අතිතයේ මෝවා විශේෂ 10 ක් පමණ ජීවත් වෙන්න ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ පිළිගැනීමය. එයින් විශාලතම මෝවා විශේෂය මීටර් 3.6 කට වඩා උසින් වැඩි වෙන්න ඇතැයි විද්‍යාඥයෝ පවසති. 

බර කිලෝ ග්‍රෑම් 250 ක් වන්නට ඇත. කුඩාම මෝවා විශේෂය වර්තමානයේ අපට දකින්න ලැබෙන කළුකුමකු තරම් වන්නට ඇතැයි ද සත්ව විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෝවා වඳ වී ගියේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට විද්‍යාඥයන් දිගු කලක් තිස්සේ උත්සාහ කර ඇත. නවසීලන්ත දූපත්වලට මිනිසුන් පැමිණියේ වසර 700 කට පෙරය. මිනිසුන් පැමිණෙන තුරු මෝවා සතුන් යහතින් සිටින්න ඇත. 

මෝවා සඳහටම මිහිමතින් වදවී යෑම සිදුවූයේ මිනිසා නිසා විය හැකිය. පාරිසරික සාධකයක් නිසා හෝ වසංගතයක් නිසා හෝ නොවෙයි; මිනිසා නිසා විය හැකිය. 

“අකමැත්තෙන් වුවත් අපට පිළිගන්න සිද්ධ වෙනවා; මෙම මෝවා කුරුල්ලන් වදවී ගියේ උන් හැමෝම පරම්පරාවක් බිහි කරන්න මෙන මහලු වී මියැදීම නිසා නම් නොවෙයි. මිනිසා මේ දූපත්වලට පැමිණෙන්න පෙර මෝවා ගහනය ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න එක්ක වුණු බව අප පිළිගන්න ඕනෑ. මිනිසා මෙම යෝධ කුරුල්ලා දඩයම් කළා. ඉවක් බවක් නැතිව දඩයම් කළා වෙන්න පුළුවන්. මෝවා අද අලට දකින්න නැත්තේ ඒ නිසයි” මෙසේ පවසන්නේ, පරිණාමීය ජීව විද්‍යාඥයෙකු වන ට්‍රෙවර් වර්ති ය.

෴ උපුටා ගැනීම - Awesome Inventions

Classified_Ad

Classified_Ad_News_Bottom