ඊශ්‍රායල සිනමාකරුවන් අපේ රටේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 22, 2022

ඊශ්‍රායල සිනමාකරුවන් අපේ රටේ

sample-ad-complete-big
image_b10ac51642
'ආරුගම්බේ' සිනමා නමැති සිනමා නිර්මාණය සදහා ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. 'ආරුගම්බේ' සිනමා පටය, ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම්බේ පාදක කර ගනිමින් නිර්මාණය වනු ඇත. 

සිනමා නිර්මාණය හරහා මෙරට සෞන්දර්ය, සුන්දර වෙරළ තීරය ඊශ්‍රායලය සහ යුරෝපීය රටවල ජනතාවට දැක බලා ගැනීමට සැළැස්වීම මෙම සිනමා පටය නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණ බව චිත්‍රපට කණ්ඩායමේ ප්‍රකාශකවරයෙක් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. 

 ආරුගම්බේ මුහුදු වෙරළ ආශ්‍රිතව රළ පැදීම ඊශ්‍රායල තරුණ තරුණියන් මහත් ආස්වාදයක් ලබන ක්‍රීඩාවක් බවත්, එය යුරෝපා වැසියන් පමණක් නොව, සෙසු බටහිර රටවල තරුණ තරුණියන් අතරේ ද ජනප්‍රිය කරවීම චිත්‍රපටය හරහා සිදුවනු ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

 ශ්‍රී ලංකාවේ සිනමා සංචාරක ප්‍රවර්ධනයක් (Film Tourism Promotion) ඇති කිරීම තුළින් යුරෝපා රටවල එම සිනමාකරුවන්, ඔවුන්ගේ නිර්මාණ සදහා මෙරටට වැඩි වැඩියෙන් පැමිණීමට පොළොඹවා ගැනීමෙන්, වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයා ගැනීම මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ බව ද පැවැසෙයි.

Classified_Ad