පාකිස්තානයෙන් පරිත්‍යාගයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 12, 2022

පාකිස්තානයෙන් පරිත්‍යාගයක්

පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ඕමාර් ෆාරුක් බර්කි මහතා සහ පකිස්තාන කොන්සියුලර් ජෙනරාල් අෆ්සාල් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පරිගණක, ක්‍රීඩා භාණ්ඩ, වියළි ආහාර, මහන මැෂින් ප්‍රදානය කිරීමේ සහ සංඝරත්නය වෙනුවෙන් 'අවසාකිය' ආවාස ගෙය පරිත්‍යාග කිරීමේ උත්සවයක් මාතලේ කෝංගලහාමුල්ල කිබාලාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.
එහිදී පාසල් ළමුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා පරිගණකද, කාන්තාවන් වෙනුවෙන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා මහන මැෂින් ප්‍රදානය කෙරුණු අතර ගවුඩුබෙල්ල මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන්ද පරිගණකයක්, පාපන්දු සහ ක්‍රිකට් උපකරණ එම විදුහලේ විදුහල්පතිවරයා වෙත ප්‍රදානය කෙරිණි.

Classified_Ad

Classified_Ad_News_Bottom