අමන්දා ජයතිස්සගේ My Sweet Girl - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 12, 2022

අමන්දා ජයතිස්සගේ My Sweet Girl

රටවල් 49 ක් නියෝජනය කරන 5,000 කට අධික සාමාජිකයින්ගෙන් සැදුම් ලත් International Thriller Writers (ITW) සංවිධානය කරන, වාර්ෂිකව පවත්වන සාහිත්‍ය සම්මාන උත්සවයේ හොඳම, ප්‍රථම නවකතාව සඳහා සම්මානය, අමන්දා ජයතිස්සගේ My Sweet Girl නවකතාවට හිමිවිය. 

Penguin ආයතනයට අනුබද්ධ, Berkley Books ප්‍රකාශකයන් විසින් 2021 දී එළි දක්වන ලද My Sweet Girl නවකතාව Psychological thriller ශානරයට අයත් වෙයි. 2021 වසරේ එළිදැක්වුණු My Sweet Girl නවකතාවට යහපත් ප්‍රතිචාර ලැබී තිබුණි. 

ඇමෙරිකාවේත් මහා බ්‍රිතාන්‍යයේත් බොහෝ දෙනා My Sweet Girl නවකතාවට ඇලුම් කළ බව එයින් පෙනයි. International Thriller Writers සම්මාන උළෙලේදී හොඳම, ප්‍රථම නවකතාව සඳහා සම්මානය My Sweet Girl හිමි කර ගත්තේ ඒ අනුවය. My Sweet Girl ගැන කියද්දී එහි ලේඛිකා අමන්දා ජයතිස්ස, ශ්‍රී ලාංකික ලේඛිකාවක් ලෙස හඳුන්වා දීම අපට සැබැවින්ම ආඩම්බරයකි. 

තම මවුබිම වන ශ්‍රී ලංකාව අගාධයක වැටී ඇති අවස්ථාවක, My Sweet Girl නවකතාව මෙසේ ජාත්‍යන්තරයේ ඇගැයීමට ලක්වීම ලෝකය දිනුවා හා සමාන යැයි අමන්දා ජයතිස්ස පවසා තිබේ. 

International Thriller Writers යනු David Baldacci, Lisa Gardner, Lee Child, Clive Cluster, R.L. Stine සහ Jonathan Kellerman ආදී ප්‍රකට ජනප්‍රිය ලේඛකයන්ගේ එකමුතුවය. එහෙයින්, International Thriller Writers සම්මානයෙන් පිදුම් ලැබීම ද ගෞරවයක් බව අමන්දා ජයතිස්ස පැහැදිලි කර තිබේ. 

ධනවත් ඇමරිකානු යුවළක්, ශ්‍රී ලංකාවට පැමිණ, දරුකමට හදා ගන්නා පැලොමා එවන්ස් නම් තරුණිය ඇමරිකාවේදී මුහුණ දෙන සිද්ධි මාලාව වටා My Sweet Girl නවකතාව ගෙතී තිබේ. 

My Sweet Girl සාර්ථකත්වයට එක් හේතුවක් වන්නේ අමන්දා ජයතිස්ස යොදා ගන්නා භාෂාවේ අපූරුත්වයයි. අනෙක් හේතුව පාඨකයා නවකතාව තුළ රදවා ගැනීමට ඇය පෙන්නුම් කරන දක්ෂතාවයි.

Classified_Ad

Classified_Ad_News_Bottom