තමන්නාගේ මූඩ් එක - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 22, 2022

තමන්නාගේ මූඩ් එක

තමන්නා භාතියා දෙමළ සිනමාවේත් තෙලිගු සිනමාවේත් මැණිකක් කීවොත් එය නිවැරදිය. මේ දිනවල ඇය සිටින්නේ හොඳ ‘මූඩ්’ එකකය. 

පසුගිය දා ප්‍රංශයේ කෑන්ස් සිනමා සම්මාන උළෙලට ද භාතියා සහභාගී වූයේ කාගේත්‍ කතාබහට ලක් වෙමිනි. තමන්නාගේ නවතම චිත්‍රපටය වන්නේ F3: Fun and Frustration තෙලිගු ප්‍රහසන චිත්‍රපටයයි. ​ 

F3: Fun and Frustration තමන්නාගේ සෙසු චිත්‍රපට හා සැසදිය නොහැකිය. කෙසේ නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කර දින 3 ක් ඇතුළත එය ඉන්දීය රුපියල් කෝටි 63 කට වඩා උපයා තිබේ. 
වරුන් ටෙජ් සහ වෙන්කටේෂ් ද F3: Fun and Frustration චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට දායක වී සිටිති. 
‘F3: Fun and Frustration පිටපත මට දකින්න ලැබුණු අවස්ථාවේ පටන් මා සිතුවා චිත්‍රපටය සාර්ථක වේවි. F3: Fun and Frustration පවුල් පිටින් එකට රසවිඳිය හැකි චිත්‍රපටයක්. කොරෝනා වසංගතය නිසා පසුබෑමට ලක්වුණු සිනමා කර්මාන්තය යළි පිබිඳී තිබෙනවා. සිනමා ලෝලීන් සිනමාහල්වල සිනමාව රස විඳිනවා. ඒ ගැන මට හරිම සතුටුයි.’ යැයි තමන්නා පවසයි. 

෴ උපුටා ගැනීම - Film Fare

Classified_Ad

Classified_Ad_News_Bottom