යෝග දිනය හැඩ කළ මලයිකා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 26, 2022

යෝග දිනය හැඩ කළ මලයිකා

නිරෝගීව සිටීම ගැනත්, ව්‍යායාම ගැනත් කතා කරද්දී, සුරූපී මලයිකා අරෝරා ගැන කතා කළ යුතුමය. වසර ගණනාවක් තිස්සේ හැඩැති සිරුරක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මලයිකා කාටවත් දෙවැනි වන්නේ නැත. ඒ සියල්ල ඇයගේ කැපවීමේ ප්‍රතිඵලය බව පැහැදිලිය. 

මලයිකාගේ නිරෝගී, හැඩැති සිරුරේ රහස ඇය යෝග අභ්‍යාසවල නියැළීම බව ද කාටත් රහසක් නොවෙයි. තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ යෝග අභ්‍යාසවල යෙදෙන අයුරු දැක්වෙන ඡායාරූප මලයිකා නිරන්තරයෙන් ප්‍රසිද්ධියට පත් කරයි. 

සාමාන්‍යයෙන් අසීරු යෝග ආසන අත්හදා බලන සුරූපිනියක් ලෙස ද මලයිකා ප්‍රකටය. 48 හැවිරිදි වුවත් මලයිකා ගැන කවුරුත් දෙවරක් හැරී බලන්නේ ඇයගේ හැඩැති සිරුර නිසාය.
පසුගිය දා ‘ජාත්‍යන්තර යෝග දිනය’ දා මලයිකාගේ යෝග ආසන කීපයක් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ දකින්න ලැබුණි. ඒ යෝග ව්‍යායාම සම්බන්ධයෙන්, ඇගේ දැනුම සහ හැකියාව සැමට ප්‍රදර්ශනය කරමිණි. 

මලයිකාගේ සිරුර කොතරම් නම්‍යශීලීදැයි යළිත් වරක් ඇගේ ඉස්ටග්‍රෑම් පරිශීලකයන්ට පෙන්වීමට මෙම ඡායාරූප පෙළ ඉවහල් වී තිබේ. ජාත්‍යන්තර යෝග දිනය යෙදී ඇත්තේ සෑම ජූනි 21 වැනිදාටය. 

යෝග ව්‍යායාම හරහා නිරෝගී දිවියක් යන තේමාව යටතේ, ජාත්‍යන්තර යෝග දිනයක් නම් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය. ඒ, 2014 වසරේදීය. පසුගිය 21 දා ඉන්දියාවේ ප්‍රධාන යෝග දින සැමරුම් උත්සවය සුපුරුදු පරිදි අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ, මයිසූර්හිදීය.
අගමැති මෝදි මයිසූර් මාලිගා භූමියේ යෝග ව්‍යායාමවල නියැළෙමින් ...

අග්‍රාමාත්‍ය මෝදි මයිසූර් බලා ගොස් සිටින්නේ කර්ණාටක ප්‍රාන්තයේ දෙදින සංචාරයක් අතරතුරේය. මයිසූර් මාලිගා භූමියේ සිය ගණනක් දෙනා පිරිවරාගනිමින් අග්‍රාමාත්‍ය මෝදි උදෑසන යෝග ව්‍යායාමවල නියැලුණේය. 

ඉන්දියාවේ ප්‍රධාන නගර රැසකත්, අප රටේත්, තායිලන්තය සහ කාම්බෝජය ඇතුළු තවත් රටවලත් ජාත්‍යන්තර යෝග දිනය වෙනුවෙන් යෝග ව්‍යායාම සංවිධානය කර තිබුණි.

෴ උපුටා ගැනීම - FilmFare

Classified_Ad

Classified_Ad_News_Bottom