Koffee With Karan හැඩ කළ සමන්තා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 22, 2022

Koffee With Karan හැඩ කළ සමන්තා

බොලිවුඩ් සිනමාකරු කරන් ජොහාර් මෙහෙයවන ‘කොෆී විත් කරන්’ Koffee With Karan නවතම වැඩසටහන හැඩ ගැන්වෙන්නේ සමන්තා රූත් ප්‍රභූ සහ ආක්ෂේ කුමාර්ගෙනි. තෙලිගු සහ දමිළ චිත්‍රපට නිළියක ලෙස ප්‍රකට 35 හැවිරිදි සමන්තා, Koffee With Karan වැඩසටහනට එක් වුණු පළමු අවස්ථාව මෙයයි. 

කරන් ජොහාර් ඇසූ ප්‍රශ්නවලට විවෘතව විනෝදෙන් පිළිතුරු දුන්නාය. Koffee With Karan වැඩසටහනට සමන්තා පමණක් නොව, බොලිවුඩයේ ජනප්‍රිය සුපිරි තරුව ආක්ෂේ කුමාර් ද එක් විය. ආක්ෂේ සමන්තා සුසංයෝගය Koffee With Karan වැඩසටහනට වර්ණවත් කිරීමට සමත් වු බව අමුතුවෙන් කිව යුතු නැත. 

2021 වසරේ තිරගත වුණු, බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ අල්ලු අර්ජුන් ප්‍රධාන චරිත නිරූපණය කරන 'පුෂ්පා: ද රයිස්' චිත්‍රපටයට සමන්තා එක් වූයේ එක් ගීතයක් හරහාය. Oo Antava පමණක් නොව, Oo Antava ගීතයට සමන්තා ඉදිරිපත් කරන සරාගී රංගනය 'පුෂ්පා: ද රයිස්' චිත්‍රපටයේ ජනප්‍රියත්වයට එක් හේතුවක් විය. 
“මා දන්නවා ඔබ Oo Antava ගීතය සඳහා රංගනයෙන් එක් වූයේ අවසන් මොහොතේ. ඒක ඔබ ගත් හදිසි තීරණයක්. ඔබ එහෙම තීරණයක් ගත්තේ ඕනෑ දෙක් මං මේක කරනවා කියලද?” යැයි කරන් ජොහාර් විමසුවේය. “හරියට හරි. එහෙම හිතලයි මං ගීතයට ඒක් වුණේ” යැයි සමන්තා පිළිතුරු දුන්නාය.

“මං කල්පනා කළා, ඇයි මං මෙවැනි දෙයකට සම්බන්ධ නොවන්නේ කියලා. ඒක පිරිමි වශී කරවන ගීතයක්. සරාගී රංගනය හේතුවෙන් මට බොහෝ දෙනාගෙන් බොහෝ විවේචන ආවා. ඒත් මා Oo Antava ගීතයට එක් වුණේ බොහොම කැමැත්තෙන් සහ ආශාවෙන්” සමන්තා පැහැදිලි කළාය. 

අතිශය ජනප්‍රිය The Family Man 2 බොලිවුඩ් කතා මාලාවේ, එල්ටීටීඊ සාමාජිකාවකගේ චරිතයට පණ පොවන්නේ ද සමන්තාය. සමන්තා බොලිවුඩ් රූපවාහිනී කතා මාලාවකට එක් වුණු පළමු අවස්ථාව මෙයයි. එහෙයින් The Family Man 2 ද ඇගේ රංගන ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයකි. ඒ ගැන ද  Koffee With Karan වැඩසටහනේ දී කතාබහට ලක් විය.
“මං The Family Man 2 කතා මාලාවට එක් වෙද්දී, The Family Man ගැන දැන සිටියේ නැහැ. හේතුව The Family Man 2 රූගත කිරීම් කරද්දී තමයි The Family Man පළමු කතාමාලාව විකාශය වීමට පටන් ගත්තේ. මං Raj හෝ DK දැන සිටියේ නැහැ. The Family Man 2 චිත්‍රපටයේ මං කළේ අභියෝගාත්මක රංගනයක්. වෙනස් විදියේ රංගනයක්. හුරුබුහුටි අහිංසක පෙම්වතියගේ චරිතය නොවෙයි. මට ඒ අවස්ථාව ලැබීම ගැන ඇත්තෙන්ම සතුටුයි“ යැයි සමන්තා පැවැසුවාය.

නළු නාග චේතනියාගෙන් දික්කසාද වුණු සමන්තා මේ වනවිට කාර්ය බහුල දිවියක් ගත කරයි. ඇය පිලිප් ජෝන් අධ්‍යක්ෂණය කරන Arrangements Of Love චිත්‍රපටයට එක් වීමට නියමිතය. ඒ, රහස් පරීක්ෂක කාන්තාවකගේ චරිතයට පණ පොවමිනි. 

සමන්තාගේ අවසන් සිනමා නිර්මාණය වූයේ Kaathuvaakula Rendu Kaadhal ය. සමන්තා මෙම චිත්‍රපටයට එක් වී සිටින්නේ විජේ සේතුපති සහ නයනතාරා සමඟය. ඊට අමතරව, සමන්තා Shaakuntalam සහ Yashoda and Kushi චිත්‍රපටවල රංගන කටයුතු ද ආරම්භ කර තිබේ.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom