ජෝ බයිඩන්ට කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 22, 2022

ජෝ බයිඩන්ට කොරෝනා

ඇමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වයිරසය අසාදනය වී ඇතැයි ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

79 හැවිරිදි බයිඩන් ට කොවිඩ් වයිරසය ආසාදනය වුවත්, දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි. 

ජනාධිපති බයිඩන් ප්‍රධාන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක සහ බූස්ටර් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බව ද ධවල මන්දිරය වැඩි දුරටත් පවසා තිබේ. 

ජනාධිපතිවරයා ධවල මන්දිරයේ නිරෝධායනය වන අතර රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ධවල මන්දිර ප්‍රකාශිකා කැරින් ජීන් පියෙර් පැහැදිලි කර ඇත.

ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් රෝගය සඳහා ප්‍රතිවයිරස ඔසුවක්ව වන 'ෆයිසර්' සමාගම නිපදවූ 'පැක්ස්ලොවිඩ්' ලබා ගන්නා බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

'පැක්ස්ලොවිඩ්' යනු 'කොවිඩ් 19' වයිරසය සාර්ථකව අඩපණ කරන ඔසුවකි. 'පැක්ස්ලොවිඩ්'  නිර්මාණය කර ඇත්තේ 'කොවිඩ් 19' වයිරසය සිරුරේ පිටපත් නිර්මාණය කිරීම වැළැක්වීමටය.

බයිඩන් බිරිඳ මෙන්ම ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන් ද වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරුණු නමුත් ඇයට 'කොවිඩ් 19' ආසාදනය වී නැති බව ධවල මන්දිර වෛද්‍යවරු පවසති.කෙසේ නමුත් ඇය ගැන ද ඔවුන් දැඩි විමසිල්ලෙන් පසුවන බව පැවැසෙයි.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad