හදවතින් මම හරිම ලස්සනයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 30, 2022

හදවතින් මම හරිම ලස්සනයි

නිරූපිකාවක මෙන්ම, ටෙලි නිළියක ලෙස ද ජනප්‍රිය මනිෂා කන්දේකුඹුර නිරන්තරයෙන් සමාජ මාධ්‍යය ඔස්සේ කතබහට ලක්වන චරිතයකි. මේ ඇය 'සාරවිට' වෙබ් අඩවිය සමඟ කළ පිළිසඳරකි.
මනිෂා කියන්නේ මොන වගේ කෙනෙක්ද? 
මනිෂා කියන්නේ සාමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙක්. නිදහසේ හරිම සතුටින් සැහැල්ලුවෙන් හා හැමෝම එක්කම සුහදත්වයෙන් ගත් කරන්න කැමති කෙනෙක් කිව්වොත් හරි. 

නිරූපණයට, රංගනයට අමතරව ඔබ දක්ෂ තව මොනවටද?
නර්තනයට හා ක්‍රීඩාවට මම ප්‍රසිද්ධයි පාසලේ. ගීත ගායනා කරන්නත් පුළුවන් මට හැබැයි ලොකුවටම බැහැ. වි‍ශේෂයෙන්ම කියන්න ඕනා මම පාසලේ ගොඩක්ම ජනප්‍රිය ක්‍රීඩිකාවක් විදිහට. ක්‍රීඩා කිව්වාම මලල ක්‍රීඩා, ක්‍රිකට්, පැසිපන්දු, කැරම්, නෙට්බෝල්, පාපන්දු, කරාතේ, මේ හැම දෙයක්ම මම පාසල් කාලේ කළා. 

ක්‍රීඩාවට දක්ෂ අයෙක් නිසා කැමතිම ක්‍රීඩාව මොකක්ද?
මම කැමතිම ක්‍රීඩාව තමයි පැසිපන්දු. මොකද, පාසල් කාලේ මම දක්ෂ පැසිපන්දු ක්‍රීඩිකාවක්. ඒ ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ ජයග්‍රහණ පවා මම හිමි කරගෙන තියෙනවා. 
කැමතිම ක්‍රීඩකයා කවූද?
නිකොලා චොක්කික්. ඔහු දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඔහුට මම කැමති වෙන්න හේතුව තමයි පැසිපන්දු ක්‍රීඩාව කෙනෙකුට බලගෙන ඉන්න පුළුවන් විදිහට ඔහු ක්‍රීඩා කරන නිසා. අනික ඔහුගේ ක්‍රීඩා විලාශය හරිම අපුරුයි. විවිධ උපක්‍රම මතින් තමයි ඔහු මේ ක්‍රීඩාවේ යෙදෙන්නේ. 

අහන්න කැමතිම ගීතය මොකක්ද?
අහන්න කැමතිම ගීතය එකක් කියලා නැහැ. පාසල් කාලේ නම් මම සිංහල ගීත ඇහුවෙම නැහැ. ඒ වගේම මම ගීත අහන්න ගොඩක් කැමති කෙනෙකුත් නෙමෙයි. හැබැයි ඉංග්‍රීසි ගීත අහනවා මම ගොඩක්. විශේෂයෙන්ම එමිනෙම්ගේ ගීත. 
බලපු හොඳම චිත්‍රපටය මතකද?
ගොඩක් තියෙනවා. මෑතකදී බලපු ආලිය භාට්ගේ 'ගංගුබායි' බොලිවුඩ් චිත්‍රපටයට ගොඩක් ආසයි. ඒ වගේම ත්‍රී සික්ස්ටිෆයි ඩේ චිත්‍රපටයත් මගේ හිත්ගත්තු එකක්. 

ජිවිතේ දුක හිතුණ අවස්ථා නැද්ද?
නැහැ කිව්වොත් ඒක බොරු. ජිවිතේ ඕනෑම කෙනෙකුට පොඩි හරි හරි දුකක් දැනිලා තියෙනවා. ඉතින් මගේ ජිවිතෙත් දුක හිතුණු තැන් එකක් දෙකක් නෙමෙයි ගොඩක් තියෙනවා. අපි ජිවත්වෙලා ඉන්න එකත් දුකක් කියලයි මට හිතෙන්නේ. ඇත්තටම දුක කියන දේ මට දැන් පුරුදු වෙලා. 

මනිෂ සත්තුන්ට ආදරේයිද?
සත්තුන්ට නම් මම ගොඩක් ආදරේයි. මගේ ගෙදරත් ඉන්නවා බලු පැටියෙක්. එයාගේ නම තමයි කූපර්.

රඟපාන්න ආසම නළුවෙක් ඉන්නවාද?
හේමාල් රණසිංහ අයියා. එයත් එක්ක සරාගි ජවනිකාවක් රඟපාන්න ලැබු‍ණොත් භාරගන්නවද? හේමාල් අයියත් එක්ක සරාගි ජවනිකාවක්. මට අනිවාර්යයෙන්ම ලැජ්ජ හිතෙයි එකට. 
මනිෂා හිතන විදිහට ඔයාගේ ඇගේ ලස්සනම මොකක්ද?
මම හිතන විදිහට මගේ සිරුරේ මට ලස්සනම ඇස් දෙක කියලා. ඊට අමතරව මම හිතනවා මගේ හදවතත් ලස්සනයි කියලා. යාළුවෝ නම් කියන්නේ මගේ හිනාව ලස්සනයි කියලා. මගේ මුණේ නිකට හරියේ තියෙනවා උපන් ලපයක්. ඒකත් මගේ ලස්සනයි කියනවා ඒ අය. හැබැයි මම නම් කැමති නැහැ මගේ උපන් ලපයට. 

දැනට කී දෙනෙක් මනිෂාට ආදරේයි කියලා තියෙනවාද? 
ගණන් කරන්න බැරි තරම්. මේ දැනුත් මට කෙටි පණිවිඩ යොමු කරලා ආදරේයිද කියලා කැමැත්ත අහලා තියෙනවා. විශේෂයෙන්ම අපේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය අය. ක්‍රිකට් ක්‍රීඩකයෝ ඒ අතර ඉන්නවා. 

෴ බුද්ධික සේනාධීර
උපුටා ගැනීම - සාරවිට

Classified_Ad

Classified_Ad_News_Bottom