චීනයෙන් තවත් වසංගතයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 11, 2022

චීනයෙන් තවත් වසංගතයක්

නැගෙනහිර චීනයේ ‘ලංග්‍යා’ වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, ආසාදිතයන් ගණන 53 දෙනකු වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. 

‘ලංග්‍යා’ යනු මනුෂ්‍යයන් ඇතුළු ක්ෂීරපායී සතුන්ට ද හානි කරන වයිරසයකි. මෙම වයිරසයට කිසිදු ඔසුවක් හෝ එන්නතක් හෝ නිපදවා නොමැති බව පැවැසෙයි. 

‘ලංග්‍යා’ වයිරසය ව්‍යාප්තියක් පිළිබඳ චීනයෙන් මෙසේ වාර්තා වන්නේ ‘කොවිඩ් 19’ නව කොරෝනා වයිරසය චීනයෙන් ආරම්භ වී වසර 3 ක් ගත වෙද්දීය. 

‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ 2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, ‘ලංග්‍යා’ වයිරස ව්‍යාප්තිය සිදුවන්නේ චීනයේ නැගෙනහිරින් පිහිටි ෂැංග්ඩොං සහ හෙනාන් යන ප්‍රාන්තවලිනි. 

තද උණ, මහන්සිය, කැස්ස, ආහාර අප්‍රිය වීම, මස්පිඩු වේදනා, කැරුකිල්ල, වමනය සහ තද හිසදරය රෝග ලක්ෂණ වෙයි. සිරුරේ රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) අඩු වීමක් ද සිදුවෙයි. අක්මාව සහ වකුගඩු අඩපණ කිරීමට ද ‘ලංග්‍යා’ වයිරසය සමත් වෙයි.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad