වසර 40 කට පසු පෝලියෝ බියක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 11, 2022

වසර 40 කට පසු පෝලියෝ බියක්

වසර 40 කට පසු ලන්ඩන් අගනුවරින්, පෝලියෝ වයිරස විෂබීජ හමුවීමත් සමඟ මහා බ්‍රිතාන්‍යයේ අවුරුදු 10 ට අඩු පොඞ්ඩන්ට පෝලියෝ මර්දන බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ වී ඇත. 

පෝලියෝ වයිරස විෂබීජ හමුවූයේ ලන්ඩන් නුවර අපවහන නළ පද්ධතියකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුවය. 

අවුරුදු 10 ට අඩු දරුවන්ට බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ වූයේ ලන්ඩන් අගනුවරිනි. එන්නත් ලබා දීම මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සහ ආරක්ෂක ඒජන්සියේ මැදිහත් වීමෙන් සිදුවන බව ද පැවැසෙයි. 

බූස්ටර් එන්නත් ලබා දීම සිදු කරන්නේ දරුවන්ගේ වැඩි ආරක්ෂාවට බවත්, තවමත් මහා බ්‍රිතාන්‍යයේ කිසිදු තැනකින් පෝලියෝ ආසාදිතයකු හමුවී නැතැයි ද පැවැසෙයි. 

එසේ වුවත් අපවහන පද්ධතියෙන් පෝලියෝ වයිරස විෂබීජ හමුවුණු බැවින්, වයිරස ව්‍යාප්තියක් සිදුවීමේ බියක් හටගෙන තිබේ. ‘හදිසි තත්ත්වයක්’ ලෙස සලකා බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කර ඇත්තේ ඒ අනුවය.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad