වියට්නාම බෞද්ධ විහාරයේ අතහිත - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 22, 2022

වියට්නාම බෞද්ධ විහාරයේ අතහිත

වියට්නාමයේ Tinh Xa Buu son බෞද්ධ විහාරයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ වන Dieu Xinh සහ ඇයගේ ශිෂ්‍ය මෙහෙණින් වහන්සේ වන An dieu ප්‍රධාන පිරිස දීර්ඝ කාලයක සිට ලංකාවේ සුභ සාධන කටයුතුවල යෙදී සිටිති.

වර්තමාන ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා ලංකාවේ මින්සුන් පත් වී ඇති අපහසුතා දැක පසු ගිය දා මේ මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කළහ. ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම් ලාභි පවුල් දහසකට අධික ප්‍රමාණයකට වියළි සලාක බෙදා දීම හා පාසල් ළමුන් සදහා පාසල් උපකරණ ලබා දීම ද මීට සමගාමීව සිදු කෙරුණි.

ඒ අනුව ගලහිටියාව පුරාණ විහාරස්ථානයේ දහම් පාසල් ළමුන් 300 කට පෝෂණ මලු ලබා දුන් අතර වැඩිහිටියන් සදහා වියළි සලාක ලබා දෙන ලදි. නුවරඑලියේ කදපොල ප්‍රදේශයේ සිංහල, දෙමළ හා මුස්ලිම් පවුල් 500 ක් සදහා වියළි සලාක බෙදා දීම සිදු කෙරුණි. කොත්මලේ ප්‍රඥාප්‍රදීප විද්‍යායතනය කේන්ද්‍ර කර ගෙන වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණි. 

වියට්නාම් මෙහෙණින් වහන්සේ විසින් මෙහි දී පාසල් ළමුන් සදහා ත්‍යාග රාශියක් ලබා දීම සිදුකරන ලදි. වැඩිහිටියන් සදහා වියළි සලාක බෙදා දීම ද මෙහි දී සිදු කෙරුණි. මේ මෙහෙණින් වහන්සේ විසින් උතුරු මැද පළාතේ සුභ සාධන ව්‍යාපෘති රාශියක් පසුගිය කාලය පුරා සිදු කරන ලදි. 

විශේෂයෙන් වකුගඩු අසාදිතයින් සදහා ජල පවිත්‍රකරණ වයාපෘතියක් (water purification project) ආරම්භ කෙරුණි. තලාව ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 600 ක් පමණ ප්‍රතිලාභ ලබයි. අනුරාධපුර නිකුට්නෑව සහ එප්පාවල ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල් සදහා නිවාස ඉදිකර දීම ද මෙයට සමග‍ාමීව සිදු කෙරුණි. 

මේ මෙහෙණින් වහන්සේ විසින් ලංකාවේ ගැබිණි මවුවරුන්ගේ පෝෂණය නගා සිටුවීම සදහා ව්‍යාපෘති කිහිපයක් දියත් කරනු ලැබ ඇත. මේ අනුව අම්බලන්තොට ගල්විල රජමහා විහාරයේ විහාරාධිපති බැරගම විමලබුද්ධි නා හිමියන්ගේ අනුශාසනා පරිදි ගැබිණි මව්වරුන් සදහා පෝෂණ මලු බෙදා දීම මේ මෙහෙණින් වහන්සේගේ අනුග්‍රහාකත්වය ඇතිව සිදු කරනු ලැබිය. 

දශකයකට අධික කාලයක සිට වියට්නාමයෙ Tinh Xa Buu son බෞද්ධ විහාරයේ Dieu Xinh මෙහෙණින් වහන්සේ සහ ඇයගේ ශිෂ්‍ය මෙහෙණින් වහන්සේ වන An dieu විසින් සිදුකරනු ලබන මේ සුභ සාධන සේවාවන් තව දුරටත් සිදුකරගෙන යාමට ලංකාවාසි සැමගේ ආශිර්වාදය හිමි විය යුතුය.

෴  උපුටා ගැනීම - ලංකාදීප මැදපෙරදිග

Classified_Ad

Classified_Ad_News_Bottom