විද්‍යාඥයන් පුදුම කළ වමනය පොසිලය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 25, 2022

විද්‍යාඥයන් පුදුම කළ වමනය පොසිලය

‘මොරිසන් ෆෝමේෂන්’ (Morrison Formation) එසේත් නැතිනම්, ‘මොරිසන් පාෂාණ තැන්පතුව’ නිධානයකි. නිධානයක් කී සැණින්, සිහියට නැගෙන්නේ මුතු මැණික් රත්තරන් පිරි වටිනා දෙයකි. නැහැ. ‘මොරිසන් පාෂාණ තැන්පතුව’ එවැනි නිධානයක් නොවෙයි; ‘මොරිසන් පාෂාණ තැන්පතුව’ නිධානයක් විදියට දකින්නේ විද්‍යාඥයන්. හරියටම කීවොත් පොසිල විද්‍යාඥයන්. ජුරාසික යුගය අවසානයේ, අවුරුදු මිලියන 155 ත් 148 ත් අතර කාලයේ ජීවත් වූ ඩයිනසෝරයන් බොහෝ දෙනකුගේ පොසිලකරණය වූ අස්ථි, මොරිසන් පාෂාණ තැන්පතුවෙන් සොයා ගෙන ඇත. 
පසුගිය දා මොරිසන් පාෂාණ තැන්පතුවේ කැණීම් කරමින් සිටි විද්‍යාඥයන්ට තවත් හරි අපූරු දෙයක් හමුවිය. මේ සටහන ඒ ගැනය. ‘මොරිසන් පාෂාණ තැන්පතුව’ පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ, යූටා ජනපදයේය. මොරිසන් තැන්පතුවේ කැණීම් කරන යූටා පොසිල විද්‍යාඥයන් ට පොසිලකරණය වුණු පුංචි ඇටකටු පොදියක් හමුවිය. එය විද්‍යාඥයන් මවිතයට පත් කිරීමට සමත් වූ බව රහසක් නොවෙයි. 

සොයා ගැනීමට දායක වුයේ යූටා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ පොසිල විද්‍යාඥයන්ය. පොසිල අස්ථි සියුම ලෙස පරීක්ෂා කරද්දී, විද්‍යාඥයන් පළමුවෙන් සිතුවේ, ඔවුන්ට නව ජීව විශේෂයක අස්ථි සොයා ගැනීමට හැකිවුණු බවය. කෙසේ නමුත්, වඩාත් හොඳින් අස්ථි පරීක්ෂා කිරීමේ දී ගැටලුවක් මතුවිය‍. 

අස්ථි එකිනෙකට වෙනස් වීම එම ගැටලුවය. අස්ථි අයත් වූයේ උභය ජීවියකුට වුවත්, එක් උභය ජීවියකුට නම් නොවිණි. උභය ජීවීන් කීප දෙනකුගේ අස්ථි එහි විය. ඒ අනුව සොයා ගත්තේ කුමක්දැයි අනුමාන කෙරුණි.

පොසිලකරණය වී තිබියදී විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තිබුණේ සතකු වමාරන ලද ද්‍රව්‍යයකි. සරලව කීවොත් වමනය ගොඩකි. කුඩා උභය ජීවීන් ආහාරයට ගත්, එම අභය ජීවින්ට වඩා ප්‍රමාණයෙන් විශාල විලෝපිකයකු වැමෑරූ ද්‍රව්‍යයකි. පසුව, එය වසර මිලියන 150 ක් පැරැණි බව කාල නිර්ණය කර ගැණුනි. 
මොරිසන් ෆෝමේෂන්’ (Morrison Formation) යනු ඩයිනසෝර පොසිල අස්ථිවලට ප්‍රකට පොසිල කැණීම් භූමියකි. ජුරාසික යුගය අවසානයේ විසූ කැමරසෝරස්, ඩිප්ලෝඩොකස්, ඇපටසෝරස්, ස්ටෙගෝසෝරස් සහ ඇලෝසෝරස් ආදී අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ඩයිනසෝරයන්ගේ පොසිල අස්ථි මෙම තැන්පතුවෙන් සොයාගෙන ඇත.

‘මොරිසන් පාෂාණ තැන්පතුව’ ඇමෙරිකාවේ බටහිර දෙසින් පිහිටා තිබේ. ‘මොරිසන් ෆෝමේෂන්’ වඩාත් ප්‍රකට ඩයිනසෝර පොසිල අස්ථි නිසාය. ඒත් දැන්, ප්‍රාග් ඓතිහාසික වැමෑරැම් ද්‍රව්‍ය සහිත පොසිලය නිසා යළිත් වරක් ‘මොරිසන් ෆෝමේෂන්’ පාෂාණ තැන්පතුව ජනප්‍රිය වී ඇත. 

ඊට හේතුව මෙවැනි සොයා ගැනීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය බැවිනි. වර්තමානයේ මොරිසන් පාෂාණ තැන්පතුව යන නමින් නම් කළ මෙම භූමියේ අතීතයේ ගංගා ඇළ දොළ තිබුණු බවට සාක්ෂි හමුවී තිබේ. වසර මිලියන ගණනක් අතීතයේ මෙම භූමිය ඩයිනසෝරයන්ට නිවහන විය. එදා මෙම භූමිය අද මෙන් කර්කශ නොවිණි. විද්‍යාඥයන් පවසන්නේ මෙම භූමිය අයත් ප්‍රදේශය අතීතයේ වගුරු බියක් වන්නට ඇති බවය.

විද්‍යාඥයන්ට වැමෑරූ ද්‍රව්‍ය අඩංගු පොසිලය සොයා ගැනීමට හැකිවී ඇත්තේ අහම්බෙනි. මීට පෙර අවස්ථා ගණනාවකදී අතීතයේ ජීවත් වූ සැලමැන්දරයන්, ගෙම්බන්, පුංචි කටුස්සන් ආදි සතුන්ගේ පොසිල අස්ථි විද්‍යාඥයන්ට මෙහි තිබී හමුවී ඇත. පොසිලකරණයට ලක් වීමට නම්, මියයන ජීවියාගේ සිරුර ඉක්මනින් පසට යට විය යුතුය. එය පරිසයට නිර්මාණය වුවහොත් ඉක්මනින් ඛාදනය වෙයි. වෙනත් සතකු එය දුටුවොත්, එම සතාගේ ආහාරය වනු ඇත.

පොසිල විද්‍යාඥයන්ට හමුවුණු වැමෑරූ ද්‍රව්‍ය, (Regurgitalite) පළමුවෙන් රසායනික පර්යේෂණවලට යොමු කෙරුණි. එය වැමෑරූ ද්‍රව්‍යයක් බව තහවුරු කර ගැනීම සිදුවූයේ ද ඒ අනුවය. එහි අගල් 0.12 ක ප්‍රමාණයේ පුංචි ගෙම්බන්ගේ අස්ථි කොටස් සහ පුංචි සැලමැන්දරයකුගේ අස්ථි කොටස් ඇති බව හඳුනා ගැනුණි. 

විද්‍යාඥයන්ට හඳුනා ගැනීමට නොහැකි වූයේ, ගෙම්බන් සහ සැලමැන්දරයන් ගිල දමා, පසුව වැමෑරීම කළේ කුමන ආකාරයේ සත්වයකු ද යන්නයි. ඒත් විද්‍යාඥයන් අනුමාන කර ඇති අන්දමට එම විලෝපික සත්වයා, මත්ස්‍යයෙකි. මිරිදිය වෙසෙන බෝෆින් ෆිෂ් මත්ස්‍යයෙකි. ප්‍රමාණයෙන් විශාල දිගු උල් දත් පිහිටි, දිගු සිරුරක් ද ඇති බෝෆින් ෆිෂ් මත්ස්‍ය විශේෂ අදත් ඇමෙරිකාවේ මිරිදිය ගංගා සහ විල්වල දකින්න ලැබේ. 

බෝෆින් ෆිෂ් මත්ස්‍යයන්ගේ අතීතය අවුරුදු මිලියන 200 කට වඩා ඈතට දිවයයි. ඩයිනසෝරයන් ජීවත් වූ අවදියේ විසූ බෝෆින් ෆිෂ් මත්ස්‍ය විශේෂ ගැන විද්‍යාඥයන් දැනගෙන ඇත්තේ එම මත්ස්‍යයන්ගේ පොසිල සාක්ෂි මොරිසන් පාෂාණ තැන්පතුවෙන් සොයා ගැනීමෙන් පසුවය.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom