කාන්තා ක්‍රිකට් පිල අවසන් තරඟයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 13, 2022

කාන්තා ක්‍රිකට් පිල අවසන් තරඟයට

මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (13) සමත් විය. 

බංග්ලාදේශයේ සිල්හෙට් හි පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලැබීය. 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන අවසාන මහා තරඟයකට තේරෙන්නේ වසර 14කට පසුව වීම ද ‍විශේෂත්වයකි. 
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 122 ක් රැස් කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35 ක් හා අනුෂ්කා සංජීවනී ලකුණු 26 ක් ලබා ගත්හ. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නියමිත පන්දු වාර 4 අවසානයේ ලකුණු 17කට කඩුලු දෙකක් ලබාගත් ඉනෝකා රණවීර තරඟයේ ක්‍රීඩිකාව විය. 

ඒ අනුව තියුණු ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල එළැඹෙන 15 වැනිදා ඉන්දිය කාන්තා ක්‍රිකට් පිල සමග ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී තරග වැදීමට නියමිතය. 

෴ ඩයනා උදයංගනී 
උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom