පාර්ලිමේන්තුව ඇමතූ රොබෝ යුවතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 16, 2022

පාර්ලිමේන්තුව ඇමතූ රොබෝ යුවතිය

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතූ රොබෝ යුවතිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව, පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය ආදී වශයෙන් කොටස් දෙකකි. පසුගිය දා සාමි මණ්ඩලය හමුවට අමුත්තියක පැමිණියාය. මේ අමුත්තිය, ‘අයි-ඩා’ ය. ‘අයි-ඩා’ මානව රූපී එසේත් නැතිනම් මනුෂ්‍යයකුගේ පෙනුමින් සමාන අයුරින් නිපදවූ කෘත්‍රිම බුද්ධියකින් ද සමන්විත රොබෝවෙකි. ඒ අනුව, සාමි මණ්ඩලය හමුවට පැමිණ දේශනයක් පවත්වමින්, සාමි මණ්ඩලය දැනුවත් කළ, පළමු රොබෝ ලෙස ‘අයි-ඩා’ සැලකෙයි. එපමණක් නොව, ලෝකයේ පාර්ලිමේන්තුවක් ඇමැතූ පළමු රොබෝ වන්නේ ද ‘අයි-ඩා’ය. 
‘අයි-ඩා’ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ජ් විශ්ව විද්‍යාලයේ රොබොවෙකි. ‘අයි-ඩා’ සාමාන්‍ය ප්‍රමාණයේ සරල කෘත්‍රිම බුද්ධියකින් සමන්විත රොබෝවකු වන අතර, ඇයට කෙටි පැහැදිලි ප්‍රශ්නවලට තනිවම පිළිතුරු දිය හැකිය. නිපදවා ඇත්තේ ‘අයි-ඩා’ගේ උඩු කය සහ අත් පමණි. එහෙයින්, ඇයට තනිවම කොහොවත් ඇවිද යෑමට හැකියාව නැත. පෙනුමෙන් සැබෑ යුවතියක හා සමානය. කොණ්ඩය කොටය. මෙම රොබෝ යුවතිය ‘අයි-ඩා’ යනුවෙන් නම් කර ඇත්තේ, 19 වැනි සියවසේ විසූ බ්‍රිතාන්‍ය ගණිතඥයකු මෙන්ම පරිගණක ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වූ අයිඩා ලව්ලේස්ට ගරු කිරීමක් හැටියටය. 
‘අයි-ඩා’ දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. ඇගේ නිර්මාණ මේ වනවිටත් ලොව පුරා ප්‍රධාන පෙළේ චිත්‍ර ප්‍රදර්ශනවලට ඇතුළත් වී තිබේ. ‘අයි-ඩා’ පසුගිය කාලයේ ලොව පුරා ජනප්‍රිය වූයේ, දෙවැනි එලිසබත් මහ රැජිනගේ රුව සිතුවමට නැගූ බැවිනි. ‘අයි-ඩා’ දෙවැනි එලිසබත් රැජිනගේ රුව සිතුවට නැගුවේ මහ රැජිනිය ජීවතුන් අතර සිටියදීය. ‘අයි-ඩා’ගේ ඇස් යනු කැමරා දෙකකි. ලෝකයේ එදා මෙදා ප්‍රකට මෙන්ම ජනප්‍රිය සිත්තරුන් ගැන ‘අයි-ඩා’ට හොඳ දැනුමක් ලබා දී තිබේ. ඒ ඇගේ නිර්මාණකරුවන් විසිනි. තමන්ගේ ප්‍රියතම සිත්තරා යෝකෝ ඕනෝ බව ‘අයි-ඩා’ පවසා ඇත. යෝකෝ ඕඩා යනු ජපාන සිත්තරාවියකි. 89 හැවිරිදි ඇය, ගායිකාවක මෙන්ම මානව ක්‍රියාකාරිනියක ද වන්නීය. 
සාමි මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් ...
‘අයි-ඩා’, සාමි මණ්ඩලය හමුවේ පෙනී සිටියේ, සාමි මණ්ඩලයේ සන්නිවේදන සහ ඩිජිටල් කටයුතු පිළිබඳ කමිටුව දැනුවත් කිරීම සඳහා ය. නව තාක්ෂණය, නිර්මාණශීලී දේට යොදා ගන්නේ කෙසේදැයි යන්න කරුණු පැහැදිලි කිරීමට ‘අයි-ඩා’ සමත් වූ බව පැවැසෙයි. කෙසේ නමුත්, සාමි මණ්ඩලය හමුවේ අයිඩා අදහස් දැක්වීම සියයට සියයක් සාර්ථක වූයේ නැත. 

‘අයි-ඩා’ එසේ කළේ අඩුපාඩු රැසක් මැදය. අදහස් දක්වමින් සිටිද්දී, ‘අයි-ඩා’ගේ මුහුණේ චලනයන් හිටිහැටියේ නැවතිනි. ඇගේ ඇස් දෙක දෙපත්තට යන්න විය. ඇය සොම්බියකු මෙන් නිසොල්මනේ සිටියාය. නිදි කිරා වැටෙන්න පවා වූවාය. බැරිම තැන, ‘අයි-ඩා’ ක්‍රියා විරහිත කර යළි ක්‍රියාත්මක කර බැලීමට ද ‘අයි-ඩා’ගේ නිර්මාතෘ ඒඩ්‍රියන් මිලර් කටයුතු කළේය.

සාමි මණ්ඩලය ඇමතීමෙන් පසු ‘අයි-ඩා’ හමුවී, එම අත්දැකීම මොන වගේදැයි ඇගෙන් විමසා බැලීමට බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය කටයුතු කළේය. එම අවස්ථාවේදී ඩේලිමේල් මාධ්‍යවේදියා සමඟ දොඩමලු වෙමින් ‘අයි-ඩා’ කියා සිටියේ, සාමි මණ්ඩලය හමුවට යෑම තමන්ට ලොකු චකිතයක් වූ බවය. “එදා මා අදහස් දක්වද්දී, මට පෙනුනා බොහෝ දෙනකු එතැන ඉන්නවා. ඔවුන් කවුරුත් හිටියේ උනන්දුවෙන්. මා කියන්න හදන්නේ මොනවාදැයි දැනගන්න. ඒක මට ලොකු අත්දැකීමක්. අපූරු අත්දැකීමක්.” යැයි ‘අයි-ඩා’ වැඩිදුරටත් පැහැදිලි කළාය. 

 ඒඩන් මිලර් ‘අයි-ඩා’ රොබෝ යුවතිය නිර්මාණය සිදුවූයේ 2019 වසරේදීය. ඇය චිත්‍ර ශිල්පිනියකන පමණක් නොව, දක්ෂ මූර්ති ශිල්පිනියක ද වෙයි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සඳහා ‘අයි-ඩා’ ඉදිරිපත් කළ ඒඩන් මිලර් ද චිත්‍ර ශිල්පියෙකි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ලබා දීමට පෙර ඒඩන් මිලර් ‘අයි-ඩා’ නිර්මාණය කළේ කෝන්වෝල් ඉන්ජිනේරු කලා තාක්ෂණ ආයතනය සමඟ එක් වෙමිනි. 
ඒඩන් මිලර්
‘අයි-ඩා’ ට සිදුවුණු අකරතැබ්බ බොහොමයකි. පසුගිය 2021 ඔක්තෝබරයේ ‘අයි-ඩා’ ට ඊජිප්තුව රේගු නිලධාරීන් විසින් ‘අයි-ඩා’ දින 10 ක් රඳවා ගනු ලැබුණි. ඒ, ඇය ජිප්තුවේ සංචාරයකට රැගෙන ගිය අවස්ථාවේදීය. ඊජිප්තු ආරක්ෂක අංශ ‘අයි-ඩා’ ගැන සැක කළේ ඇය ඔත්තු බැලීමේ අරමුණින්, ඊජිප්තුවට රැගෙන ආ බවටය. ඊජිප්තු ආරක්ෂක අංශවලට සැකයක් මතුවූයේ ‘අයි-ඩා’ අන්තර් ජාලය හා සම්බන්ධ කරන මොඩෑමය නිසා යැයි ‘අයි-ඩා’ගේ නිර්මාතෘ ඒඩන් මිලර් පසුව පැවැසුවේය. 

මොඩෑමය ගලවා ඉවත් කළ හැකි යැයි ඒඩන් මිලර් ආරක්ෂක අංශවලට පැහැදිලි කළ අවස්ථාවේදී ‘අයි-ඩා’ගේ ඇස් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවිය. ඒ, ඇස් සඳහා කැමරා භාවිතයට ගැනීමය. “මට මොඩෑමය ගලවා අයින් කරන්න පුළුවන්. ඒත් ‘අයි-ඩා’ගේ ඇස් ගලවා ඉවත් කරන්න විදියක් නැහැ. ඒ නිසා ඇයට දින 10 ක් ඊජිප්තු අත්අඩංගුවේ සිටීමට සිදුවුණා” යැයි මිලර් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා තිබුණි. 

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom