
තිළිණි ගොඩක් කාර්යබහුලද?
පසුගිය කාලේ විවිධ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. මම කෙටි චිත්‍රපට කිහිපයක් ඒ අතරේ. ඊට අමතරව ගීත රූප රචනාවකටත් සම්බන්ධ වුණා. හරි ටිවි නාලිකාවේ සෝෂල් ඩ්‍රාමාවලත් රගපෑම් කරනවා. තව ඒ වගේ වැඩ කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.
දැන් හඬකැවිම් කටයුතුවල නැද්ද?
ජාතික රූපවාහිනියේ හඬකැවීම් අංශය එක්ක නිතරම වගේ හඬකැවීම් කටයුතුවලට දායක වෙනවා. ඉදිරියේදි නිකුත් වීමට නියමිත චිත්‍රපටයක ප්‍රධාන චරිතයටත් හඬකැවීම් වලින් සම්බන්ධ වුණා.
හඬකැවිම් ශිල්පිණියක් වුණු ඔබ රංගනයට යොමු වුණේ කොහොමද?
මම කැමති නිවේදිකාවක් විදිහට වැඩ කරන්න. හැබැයි ක්ෂේත්‍රයට මම හඬකැවීම් ශිල්පිනියක් විදියට කරළියට එන්නේ සූරිය කුසුම කොරියන් ටෙලි මාලාවේ ෂිංහේ කුමරියට හඬ දීමෙන්. රඟපානවට වඩා කෙනකුට හඬකවන එක හරිම අමාරුයි. හැබැයි හඬදෙන බොහෝ අයට හොඳට රඟපාන්නත් පුළුවන් කියලා මට හිතෙනවා. මම ආසයි යම් ක්ෂේත්‍රයකට පිවිසෙන්න කළින් ඒ පිළිබඳව අවබෝධයක් ලබාගන්න. ඉතින් රංගනය ගැනත් මම හැදෑරුවා පසුගිය කාලේ. ස්වර්ණවාහිනි නාළිකාවේ කෝලම් කුට්ටම් ටෙලි නාට්‍යයෙන් තමයි රංගනයට පිවිසුනේ.


ඒ කියන්නේ ඔබ ක්ෂේත්‍ර තුනක වැඩ කරනවා?
මොන ක්ෂේත්‍රයකට වැඩ කළත් මම ආසම නිවේදනයට සහ හඬකැවීමට කියන ක්ෂේත්‍රවලට. ඒ වගේම ඉදිරියට යන්න ආසයි නිවේදිකාවක් විදිහට. මට රංගන ශිල්පිනියක් වෙනවා කියන ඉලක්කයක් නෑ ජනප්‍රිය වෙන්න අවශ්‍යතාවයකුත් නෑ. දෙන වැඩේ හරියටම මගේම වැඩක් විදියට කරන්නයි මට ඕනෑ. අනවශ්‍ය ලෙස ජනප්‍රියත්වයක් හබාගෙන යන්න මට අවශ්‍ය නෑ. රංගනය පැත්තෙන් ජනප්‍රිය සම්මාන ගන්නවට මම කැමතියි දක්ෂතම සම්මානයක් හිමි කරගන්න. මට ජනප්‍රිය වෙන්න උණක් නෑ. බොහෝම නිස්කලංකව තෝරා බේරාගෙන මගේ ගමන හිමින් යන්නයි මට උවමනා. අනවශ්‍ය තරගයක් වත් කැපී පෙනෙන්න වුවමනාවක් නෑ. ඒ වගේම තමයි අනෙක් අය කපාගෙන යන්න වුවමනාවක්වත් මට නෑ. මට හමුවෙන වැඩ වලත් මට වඩා හොදින් කළ හැකි අයෙක් මම දන්නව නම් මම ඔවුන්ව හදුන්වා දීලා ඒ වැඩේ සාර්ථක කරනවා ඇරෙන්න ඔක්කොම බදාගෙන කරන්න හදන්නේ නෑ මම. හිමින් යන ගමන සැනසීමක් වගේම ස්ථාවරයි.


ඉදිරිය සැළසුම් කොහොමද?
උපාධිය සහ ඩිප්ලෝමා තුනක වැඩ කටයුතු කරනවා. මොන දේ කළත් අධ්‍යාපනය පැත්තට තමයි මම ලොකුම අවධානය දෙන්නේ. ඒවගේම ව්‍යාපාරයකට අවශ්‍ය දැනුම ගන්න පාඨමාලාවකුත් මේ දිනවල හදාරමින් ඉන්නවා. මගේ අදහසක් තියෙනවා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න.
෴ උපුටා ගැනීම - සාරවිට
ඡායාරූප - මුහුණු පොතෙන්