![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIGn7J5LELznenT3XQ0yhbgBEJmEFVdCdV_7UwlZz0slDfYJhsa36nnZLwouxVYhFLQnFk-0x54A_SB1FuB4To4B_RSKu6mXdlT96b2qL-S3wdBfELzdwSUTP-TrZAQRFRq_fwBOIxXVuk2lgwSG3lXLKlxKPGXYXLoptG_7Kf3b9G-DrWPszdUI4XVlfx/s16000/320500378_943202029994968_6126623020043544982_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizID7LAMbka8U64fNMKHfedYZNVCz3qqUAYW-9JrVuDOHQvV7yJh2rIEEf82BrpKE6QhO_s5DRMf8UW47csfVlTygaEe7Xibwm4dxFQoH0Dc0Bp6d9dd8v7Bk55DZAvsM9_mg2KoBuMdAowVow1YC-b7wvg5cBkJDCf29kQmmHJaYrOVLmqTc79gLRFAlH/s16000/355480539_930742234761690_2512413625396005824_n.jpg)
වෙනත් ක්ෂේත්‍රයක ඉඳලා ඇයි කලාවට ආවේ?
ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ලොකු ආසාවක් තිබුණා රූපවාහිනී නාළිකාවකට සම්බන්ධ වෙන්න. ඒත් ඒක ලේසි නෑ. වර්තමානයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ තරඟකාරීත්වයත් තියෙනවා. මම පවුලෙ එකම දරුවා. තාත්තා හදිසි අනතුරකින් නැති වෙද්දී මට අවුරුදු 2 යි. ඒ නිසා ආර්ථික අතින් ශක්තිමත් වෙන්න ´නෑ නිසා රැකියාවක් කරන්න පටන් ගත්තා. මේක මගේ පළමු රැකියාව නොවේ.
මාධ්‍ය ක්ෂේත්‍රයට මූලික අඩිතාලම වැටුණේ?
මුලින්ම මගේ හැකියාවන් අඳුන ගන්න ලැබුණෙ මගේ නින්දාන ශ්‍රී ධම්ම කුසල දහම් පාසලෙන්. මම ගායන තරඟ, කථික තරඟ මේ හැමදෙයකින්ම එහිදී ජයග්‍රහණ ලබා ගත්තා. අන්තර් දහම් පාසල් තරඟ වලදීත් මට ජයග්‍රහණ ලබා ගන්න හැකි වුණා. එතනදි තමයි මට කථිකත්වයට හැකියාවක් තියෙනවා කියලා හැමෝම වගේ අඳුන ගත්තෙ. ඊට පස්සෙ මගේ පාසලෙන් මට අවස්ථා ලැබුණා නිවේදිකාවක් ලෙස තවදුරටත් මගේ ගමන ඉදිරියට එන්න. මගේ පාසල අම්බලන්ගොඩ ගා/ප්‍රජාපතී ගෝතමී බාලිකා මහා විද්‍යාලය. උසස් පෙළ විභාගයෙන් පස්සෙ මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න තියෙන දැඩි ආසාව නිසාම මම කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ඩිප්ලෝමව හැදෑරුවා. දැන් මම ජන සන්නිවේදන ඩිප්ලෝමාධාරිණියක්. ඒ විදිහට තමයි මේ ගමන ආවේ.
රංගන ක්ෂේත්‍රය සහ නිරූපණය ගැන කතා කළොත් ...
ක්ෂේත්‍ර දෙකටම මම ගොඩක් කැමතියි.ඒත් ඒ දෙකෙන් වැඩියෙන්ම මම වැඩ කරලා තියෙන්නෙත් ආසාව තියෙන්නෙත් රංගන ක්ෂේත්‍රයට. ඒ දෙකම ලෝකයක් වසඟයට ගන්න පුළුවන් ලොවක් ආදරය කරන හොඳ ක්ෂේත්‍ර දෙකක්.
වර්තමානයේ මේ ක්ෂේත්‍ර ගැන බොහෝ අයට පැහැදීමක් නෑ නේද?
ක්ෂේත්‍රය දිහා පිටින් බලන කෙනකුට සුළු පිරිසක් කරන යම් යම් දේවල් නිසා මුළු ක්ෂේත්‍රයම ඒ මිම්මෙන් හිතෙන්න පුළුවන්. ඒත් ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට මම එහෙම දකින්නෙ නෑ.
වැරදි වැටහීම් නිසා ගෙදරින් තහංචි නැද්ද?
නෑ. ඇත්තටම මට පවුලෙ ඉන්න මගෙ අම්මා විතරයි. අම්මා ගොඩක් ආසයි මේ ක්ෂේත්‍රයට. පුංචි කාලෙ ඉඳන් ගෑනු ළමයෙක් විදිහට සමාජෙත් එක්ක වැඩකටයුතු කරන්න අම්මා මට කියලා දීලා තියෙනවා. තාත්තා නැති උනාට පස්සෙ අම්මා මාව හදා ගත්තෙත් තනියම. මම යන යන තැන පස්සෙන්ම අම්මා එන්නෙ නෑ අවශ්‍යම දේකට මම කතා කලොත් හැර. අම්මා දන්නවා මට තැනකට ගිහින් ප්‍රශ්න දාගෙන්නෙ නැතුව එන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා. ප්‍රශ්නයක් ආවත් ඒකට තනියම හරි මුහුණ දෙන්න තරම් ශක්තියක් මම ළඟ තියෙනවා කියලා එයා හැමදාම විශ්වාස කරනවා. මම ඒ විදිහට වැඩ කරනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNmGfwqXG2L_fW0ZT3QIWx5OSkSRw95yIwH13qB-rixFrFMlcXjNnoK98AXD43GErgYSPoFH6Q5u6GfzbO97gr5tlwIy2SqgEyFIPHGIw2vgFDgSsgWoJECudwP5RjfiUMV_5EUKUXzYMcwCOip_5Zl-QHfD-puzqlUnHM88c7MKRjMfQrTaEXKUa7KCA-/s16000/145395345_796204584577686_23789044878909309_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieuo-hVKIIEVAvR2YuJnzns51mU3drngPnuoc1rlroWzdt6otxin4TGnlIDnA0SQcz0tdGCnEXvkPa3bnkgKpz_QzGVYEYAMJJaGLZygbDBw9gaJH8WoB3ubCQtU9gcwc7qTV4cTf1FEfoxcec6tk9WyM9G-YVhsxjKA4xVhhX9tj7-g81kzGeFBM3A1rb/s16000/146004874_796204327911045_6208589950779387039_n.jpg)
ලැබූ අත්දැකිම් ගැන කීවොත් ...
ගොඩක් සතුටුයි ඉතින්. මට මං ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මොකද මේ ගමන ආරම්භයට වඩා අද මේ තරම් හරි දුරක් මාධ්‍ය ක්ෂේත්‍රය තුල එන්න මම ගොඩක් මහන්සි වුණා. ඒ උනන්දුව කැප කිරීම් අදටත් එහෙමයි. ගොඩක් දෙනෙක් අහනවා කොහොමද මේ හැමදේම බැලන්ස් කරන් කරන්නෙ කියලා. යම් දෙයක් වෙනුවෙන් ආසාව උවමනාව දක්ෂතාවය තියෙනවා නම් සහ ඒ වෙනුවෙන් කැප වෙන්න වෙලාව හදාගන්න පුලුවන් නම් හැමදේම බැලන්ස් කරන් ගමනක් යන්න පුලුවන්.
වෘත්තීයට සමුදීලා, පූර්ණ කාලීනව කලාවට සම්බන්ධ වෙනවද?
එහෙම අදහසක් නම් තියෙනවා. දැන්ම නෙමෙයි. බලමු හැමදේම හොඳ විදිහට වෙයි කියලා විශ්වාසෙන් ඉන්නවා.
පෞද්ගලික ජීවිතය ගැනත් කතා කළොත්
පෞද්ගලික ජීවිතේ ඉතින් සරල චාම් විදිහට ගෙනියනවා. මම හරිම කැමතියි ට්‍රැවල් කරන්න. ඉඩක් ලැබෙන හැම වෙලාවෙම නිදහසේ කොහේ හරි ඇවිඳින්න කරන්න තමයි ආසා.
දායක වුණ නිර්මාණ ගැන කියන්න
මම රංගනයෙන් නිර්මාණ 8 කට විතර දායක වෙලා තියෙනවා. TV දෙරණ නාළිකාවේ විකාශ වූ ධරණී ටෙලිනාට්‍ය (චරිතය-තේජානි), කෝපි කඩේ, සසර සෙවනැලි (Hiru TV),අකුරු මැකී නෑ (Hiru TV), පිය සෙනෙහස (හිරු TV ටෙලි film), මිරිඟුව (Hiru TV පෝය ටෙලිනාට්‍ය), ඊර්ෂ්‍යා (හිරු TV පෝය ටෙලිනාට්‍ය), Shadow (හිරු TV). හඬ කැවීම් ශිල්පිනියක විදිහට නිර්මාණ 14 කට විතර දායක වෙලා තියෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicAFBzZe_FahpQZQp6ybK9ITzfvnqh7OAC-FO433h7vWuvPsqLVs76CQ9SBpbILLY2kGboTk2Nz_UBU_uYhSrJcWZAy9KtrNvZ-QGpq5Mzz3zjrCfWhFHEfu-IJaIJ7yIpnI0vq22SC5wwWtLp8v3hCUKRH9w5KFngTak-Ij8WRH7QPM9C4WjVvGZu-zjt/s16000/image_8b55afc26e.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEii5fvsY-F6FviPWxaHMi0kLcm4m-TBiSyDqc894_O-Gu_-f0bitV0g7brPPxNZMfKwEyXoiD-Qd5o8ninIw0_91ovlnfSyjeGbTSwaNOobnr1b18FRksl8GeqK-_ZujyhqRulaz1XePz4YQ6nzWc3ghC9NPOKdmbkg-y7CT1mmTkVNTKkMGOaK1lQFet2R/s16000/image_27cef5ab21.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsv-r501CaCAskJqHrR7wE2uWqj_mH5mMy10DiKiV7_WtsUlVmwLY-0rP70U9FdwEdf9gfElSaGYdzSu2jppH7RIAhfEdXJE6bCJQRllrbQQqeSKZnYozgx57EmUC4a8hSLCh0CT0GYKvph0tJv2-_z1Dj7ElLvkEBTk3gVsBzrjKYWx8K6trA8QjjAPvt/s16000/image_bfd406044a.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhD9pwoDlx1_tZ1F7Ra8wurN87VKwOmz8u1E2FjR6bv0VhbgJgDGKWa0e5hsVr5-iaVv3ZRQsnBMgvdq3MS5nQRHxyELFgnXVYJTjosdecT8MVk8HssDRUFekNsVnLzlJc6PhQsT8cafMouWIZfQFvsjbwcnrAZyZKQgTHGbjpSMywodG0ikmZJMDAZj4VH/s16000/image_ef69996ed2.jpg)
ඔයාගේ ගමනට උදව් කරපු පිරිස මතක් කළොත් ...
මුලින්ම මතක් කරන්න ඕන හැමදාම හැමදේකටම මාත් එක්ක මගේ සෙවනැල්ලක් වගේ ළඟින්ම ඉන්න මගේ අම්මා ඊට පස්සෙ විශේෂයෙන්ම මතක් කරන්න ඕන මට රංගන ශිල්පිණියක් විදිහට ඉස්සරහට යන්න මුලින්ම උදව් කලේ හිරු ටීවි ආයතනයේ ආර්ට් ඩිපාට්මන්ට් ප්‍රධානී මනෝජ් උදයංග අයියා. ඒ වගේම හඬ කැවීම් ක්ෂේත්‍රයේ මුලින්ම මට වැඩකට සම්බන්ධ වෙන්න අවස්ථාව දුන්නෙ සිරස ටීවී ආයතනයේ හිටපු හඬකැවීම් අධ්‍යක්ෂවරයෙක් වන ප්‍රභාත් සුරංග අයියා. ඉතින් ඒ දෙන්නව ගොඩක් ගෞරවයෙන් ආදරයෙන් මතක් කරනවා. මට පෙර පාසලේ සිට මේ දක්වා මොනයම් හෝ විදිහකින් ගුරුහරු කම් ලබා දුන් මගේ සියලුම ගුරුවරුනුත් මගේ පවුලේ මට නිරන්තරයෙන් ශක්තියක් වෙන ඥාතීනුත්, මගේ ගමේ පන්සලේ ලොකු හමුදුරුවන් ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලත් මතක් කරන්න ඕනෑ. මොකද මම ආර්ථික අපහසුතා මැද ඉගෙනීම් කටයුතු කරද්දි උන්වහන්සේලා මට ගොඩක් උදව් කළා. ඒ වගේම මතෙක් මම වැඩ කළ නිර්මාණ වල සියලුම අධ්‍යක්ෂකවරුන් ඇතුළු ඒ නිර්මාණ කණ්ඩායම් වල සියලුම දෙනාටත් ස්තුතිය පුද කරනවා. මම රැකියාවක් කරන අතරතුර කලා නිර්මාණ කටයුතු වලට දායක වෙන නිසා මට ඒ අවශ්‍ය දිනවල නිදහසේ ඒ වැඩකටයුතු කරගන්න අවස්ථාව සලසා දුන්න මෙතෙක් මම රැකියා කළ ආයතනවල මගේ කාර්යාලීය මිතුරන් සියලු දෙනාටත් ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඕනෑමයි. අවසාන වශයෙන් කියන්න ඕන මේ වෙනකොට මගේ ජීවිතේ හැම දුකක් සතුටක්ම මාත් එක්ක බෙදාගනිමින් මගේ හැම වැඩ කටයුත්තකටම ශක්තියක් වෙන ඒ වගේම මේ වෙන විට ලංකාවේ දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වෙන 'මගේ හයිය' ලක්නේෂ් රන්දික ඔයාටත් ගොඩක් ස්තූතියි මේ තරම් දුරක් මට එන්න ශක්තියක් වුණාට.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXMZrB8cOsw9MM4omWn-IlqnutMCm9gMAYPkG5N50f9Wtdidaab2l23Wtzu4D7fNGdc6GSVR5ZpzgbIeZ2MSZx0mC_etjEWS15tguvLvc0QLky7xtW1P7yEfizGX18rdKFz70cHebEIH1eefNJflxmICjVRZhiP3AXaZogLezNFLMe674btzg6TcRU3Bne/s16000/image_8b7deebf8a.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEeDObPw_wMd5xQ3DsdqWUCvkCTIlcUpatG6HCD3DxA5ee1Wbd_A-iITgiqO0ek_bjnodPzXzfqVt5xj_a-NFdB-L8R4fc-B2pcUDl7l9PCz295mr-eEmyAl2X_X6mP72G-4P236jmzJpAGMlzaFqnZBhpnxGSlveNPb4Rw83riyP_R_UTdi-UBvFr5VWs/s16000/image_a5add496d8.jpg)
ක්ෂේත්‍රයට එන නවකයන්ට දෙන පණිවුඩය මොකක්ද?
මේ ක්ෂේත්‍රයට එන්න ආස අයට කියන්න තියෙන්නෙ ක්ෂේත්‍රය ගැන ආසාව විතරක් තිබුණට ක්ෂේත්‍රයට එන්න එපා ඒ ගැන කුමන හෝ මට්ටමකට හදාරලා එන්න සහ බුද්ධිමත්ව තීරණ අරන් වැඩ කරන්න, ගරු කළ යුතු අයට ගරු කරමින් කා එක්කත් ආදරෙන් මේ ගමන යන්න. හේතුව එහෙම හැදෑරීමකින් එන අයගෙ ගමන ශක්තිමත් අඩිතාලමක් එක්කයි ගොඩ නැගෙන්නෙ. එහෙම නැති උනොත් ඔබට ඔබේ ගමන මඟදි මුණ ගැහෙන බොරුවලවල් වල වැටිලා ජීවිතේම නැති වෙන්න පුළුවන්.
෴ උපුටා ගැනීම - සාරවිට
ඡායාරූප - මුහුණු පොතෙන්