වඳ වුණු ශාකය හමුවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 23, 2026

වඳ වුණු ශාකය හමුවෙලා

දශක හයකට ආසන්න කාලයක් තිස්සේ වඳ වී ගොස් ඇතැයි විශ්වාස කළ ශාකයක් එසේත් නැතිනම් පඳුරු විශේෂයක් ඕස්ට්‍රේලියාවෙන් යළි හමු වී ඇත. ටිලෝටස් සෙනරියුස් (Ptilotus senarius) යන විද්‍යාත්මකව හඳුන්වන මෙම කුඩා පඳුරු විශේෂය අවසන් වරට ස්වභාවික පරිසරයේදී දැක තිබුණේ 1967 වසරේදීය. 

ඉන්පසුව වසර 58ක් පුරා මෙම ශාකය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොතිබුණි. මෙම සුවිශේෂී සොයාගැනීම සිදුවූයේ 2025 වසරේ ජූනි මාසයේදීය. ඒ රොබට් බීන් නම් උද්‍යාන විද්‍යාඥයකු ක්වීන්ස්ලන්තයේ ගිල්බට් ගංගා ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පක්ෂීන් නිරීක්ෂණය කරමින් සිටියදීය. 

එහිදී ඔහුට හමු වූ නුහුරු ශාකයක ඡායාරූප ඔහු ප්‍රකට පරිසර වෙබ් අඩවියක පළ කර අතර, එය උද්භිද විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වුණු බව පැවැසෙයි. ඒ අනුව, එය වඳ වී ගිය බවට සැක කළ මෙම දුර්ලභ ශාකය බව තහවුරු විය. 
වයඹදිග ක්වීන්ස්ලන්තයේ දුෂ්කර ප්‍රදේශයකින් මෙම ශාකය යළි හමුවීම උද්භිද විද්‍යාඥයන්ගේ සතුටට හේතුවක් වී ඇතැයි අමුතුවෙන් කිව යුතු නොවෙයි. මෙවැනි සොයාගැනීම් මගින් පරිසර පද්ධතියේ අප නොදන්නා රහස් තවමත් සැඟවී ඇති බවත්, ස්වභාවධර්මය සංරක්ෂණය කිරීමේ වැදගත්කමත් මැනවින් පැහැදිලි වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.  

NDTV Science ඇසුරිනි

Classified_Ad