AI ගැන බියක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 23, 2026

AI ගැන බියක්

ලොව පුරා කවුරුත් කෘත්‍රිම බුද්ධිය (AI) ගැන උනන්දුවක් දක්වති. එහෙත්, පිරිමින්ට වඩා කාන්තාවන් මේ අලුත් තාක්ෂණය දෙස බලන්නේ යම්කිසි බියකින් හෝ කල්පනාකාරී බවකින් යැයි ඇමරිකාවේ නෝර්ත් ඊස්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් සිදුකළ නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. 

එම අධ්‍යයනයට අනුව, ඇමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසකගෙන් ලබාගත් දත්ත අනුව, කෘත්‍රිම බුද්ධියේ වාසිවලට වඩා එහි ඇති අවදානම ගැන කාන්තාවන් වැඩි අවධානයක් යොමු කරන බව පෙනී ගොස් තිබේ. 

දත්ත අනුව පිරිමින්ට වඩා කාන්තාවන්ගේ AI අවදානම සියයට 11 කින් පමණ ඉහළ මට්ටමක පවතින බව විශ්වාස කෙරේ. මෙය හුදෙක් බියක් නොව, ඔවුන් තම රැකියා සහ ජීවනෝපාය ගැන දක්වන දැඩි සැලකිල්ලක් ලෙස පර්යේෂකයෝ පැහැදිලි කරති. 

 NDTV Science ඇසුරිනි

Classified_Ad