උමා දේවිය පැතූ ශිව රාත්‍රිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 14, 2026

උමා දේවිය පැතූ ශිව රාත්‍රිය

‘ශිවනුක්කු උහන්දදු ශිව රාත්‍රි අම්බාලුක්කු උහන්දදු නවරාත්‍රි’ යනුවෙන් හින්දු ජනසමාජයේ කියමනක් ඇත. මෙම කියමනෙන් ගම්‍ය වන්නේ හින්දුන්ගේ ප්‍රධාන දෙවියා වන ශිව දෙවියන් ඉතා ප්‍රිය කරන ශිව රාත්‍රිය ගැනය. 

සෑම මාසයකම ශිව රාත්‍රින් උදාවේ. මෙසේ උදාවන ශිව රාත්‍රිය, නිත්‍ය ශිව රාත්‍රිය යනුවෙන් ද, දින පහළොවක් නොකඩවා උපවාසයේ යෙදෙන ශිව රාත්‍රිය පක්ෂ ශිව රාත්‍රිය යනුවෙන් ද හැඳින්වෙයි. යෝග ශිව රාත්‍රිය තවත් එකකි. එය සඳුදා දවසක මාසේ පෝය පැමිණියහොත් ලබන ශිව රාත්‍රියයි. 

බොහෝ ශිව රාත්‍රි ශිව දෙවියන් වෙනුවෙන් පැවැතියත්, මහා ශිව රාත්‍රිය උදාවන්නේ වර්ෂයකට එක් වතාවකි. 

ශිව රාත්‍රිය ඇතිවීම පිළිබඳව බොහෝ දේව කතා පුරාණ ග්‍රන්ථවල ඇතත් මින් වැදගත් වන්නේ ශිව මහා පුරාණයේ තිබෙන කතාය. ශිව මහා පුරාණයට අනුව දේව කතා කීපයක් මෙසේය. 

එක්තරා කාලයක පාර්වති දේවිය විහිළුවට ශිව දෙවියන්ගේ දෑසම තම දෑත්වලින් වැසුවාය. එම නිසා ලෝකයම ගණ අඳුරෙන් වැසී ගියේය. සියලු ජීවිහු පීඩාවට පත්වූහ. එවිට දේවතාවන් එකොලොස් කෝටියක දේවතාවන්ගේ ප්‍රධානත්වයෙන් ශිව දෙවියන්ට පුද පූජා පැවැත්විණි. එම සිදුවීම සිහි ගන්වනු පිණිස ශිව රාත්‍රිය උත්සවාකාරයෙන් හින්දුවරු සමරන්නෝය. 

ක්තරා සමයක ශිව දෙවියෝ කිරි මුහුදේ මතු වූ විෂබීජ නිසා සිහිසුන් වූසෙක් විද්‍යාමාන කරමින් තෙළෙස්වක දිනවල සන්ධ්‍යාවේ දී ‘සන්ධ්‍යා’ නමැති නැටුම නැටූහ. ඒ හා බැඳුණ දුස්වක තිථි රැස්දී සතර සාමයේම දෙවියෝ ශිව දෙවියන්ට පුද පූජා පවත්වා ඔහුට ශෝත්‍ර ගායනා කළෝය. එම දින ශිව රාත්‍රිය බව ආදි කාලයේ සිට හින්දුන් උත්සවාකාරයෙන් සමරති. 

හින්දු භක්තිකයන් මෙදින සතරයාම සේම ශිව දෙවියන් උදෙසා නිදිවර්ජිතව පුද පූජා පවත්වනු ලබන්නේ මේ සිදුවීම් සිහිගන්වනු පිණිසය. එක්තරා කාලයක ලෝකය විනාශ විය. 

ලොව සියලුම දේවල් ශිව දෙවියන් යටතට පත්විය. ඝන අන්ධකාරයෙන් වට වූ ඒ රත්‍රියේ උමා දේවිය ශිව දෙවියන් හට පුද පූජා පවත්වා යාඥා පැවැත්වූ බව ‘අහමංගල’ පුරාණ කෘතිය සඳහන් කරයි. 

එම කෘතියේ සඳහන් වන ආකාරයට උමා දේවිය යාම හතරේම යාච්ඥා කළාය. එම සිදුවීම සිහිගන්වනු වස් ශිව රාත්‍රිය සැමරේ. එම රාත්‍රියේ දී අඳුර මැදින්ම පාර්වති දේවිය ශිව දෙවියන් කරා ගොස් මෙසේ ඇයද සිටියාය. ‘දේවයන් වහන්ස මේ රාත්‍රියේ දී ඔබ වහන්සේට පුද පූජා පැවැත් වූ මා යාච්ඥා කළේ කෙසේද? 

ඒ අයුරින් ශිව රාත්‍රියේ දී යාච්ඥා කරන්නට මේ ආත්මයේ දී ඉසුරක් මතු ආත්මයේ දී දිව්‍ය ලෝකයත් අවසානයේ දී මොක්ෂයත් ලබාදෙනු මැනව. ශිව දෙවියෝද ඒ අසුරින්ම ඇය විසින් ඇයද සිටි වරයට අනුකම්පා කළහ. එදින සිට ශිව රාත්‍රිය මහා උත්කර්ෂවත් අන්දමින් හින්දුහු සමරති. මහා විශ්ණු දෙවියෝ තමාට ක්‍රිෂ්ණා අවතාරය ලබා ගත්තේ ගෝකුල ප්‍රදේශයේදීය. මෙම අවතාරය ඔහු විසින් ලබා ගත්තේ මැදියම් රැයේදීය. 

මෙම සිදුවීම මැදින් මාසයේ අව අටවක තිථියලත් දිනයේ දී සිදුවිය. එය ගෝකු ලක්ෂ්මිය යනුවෙන් හැඳින්වේ. මෙම ගෝකු ලක්ෂ්මිය සිදුවී දින 180 පසුව ශිව රාත්‍රිය උදාවේ. එදින මධ්‍යම රාත්‍රියේදී ලිංගයක් ලෙසින් ශිව දෙවියන් දෘෂ්‍යමාන විය. ශිව දෙවියෝ දේව ලීලාවෙන් බොහෝ අවතාර ගනිති. එබැවින් ශිව ලිංගය ද එහි එක්තරා සංකේතයක් බව ශිව පුරාණය පෙන්වා දෙයි. 

මෙම ලිංග ස්වරූපය ශිව ලබා ගත්තේ ශිව රාත්‍රියේ රැයේ නිසා ශිව පූජාව හින්දු බැතිමත්හු සිදු කරනු ලබන්නේද එදින මධ්‍යම රාත්‍රියේදීය. ශිවනන්ද ලහිරි නැමැති කෘතියේ එන ශ්ලෝකයක ශිව දෙවියන්ගේ ගමන සහ සියලුම විලාසයන් පෙන්වා දෙයි. එම ශ්ලෝකයේ ශිව දෙවියන්ට නීලකන්ඩන් යනුවෙන්ද හැඳින්වේ. නීලකන්ඩන් සංස්කෘතික භාෂාවෙන් අර්ථවත් වන්නේ මොණරාටය. මොණරා නර්තන පක්ෂියෙකි. 

මෙම සංසිද්ධිය සාහිත්‍ය රත්නකාරම් යන කෘතියේ දී ඒ ආකාරයටම ශිව දෙවියන්ට නීලකන්ඩාන් වශයෙන් හඳුන්වා ඇත. එබැවින් ශිව දෙවියන්ගේ නර්තන පක්ෂියා ගේ ස්වරූපය ද පෙන්නුම් කරයි. ශිවානන්ද ලහිරි කෘතිය ලියන ප්‍රිසංගර භගවදර් ශිව දෙවියන්ට මොනරා විලාශයෙන් කරන රංගනය ඉතා ඉහළින් වර්ණනා කරයි.

මේ නිසා දෙමළ හින්දු නර්තනවලින් මානවයාට දෙනු ලැබුවේ ශිව දෙවියන් බව හින්දුහු විශ්වාස කරති. ශිව රාත්‍රි දිනයේ දී හිමිදිරියේම අවදිවිය යුතුය. සිතේ සතුට ඇතිකර ගෙන තම නිවැසියන් අසල්වැසියන් සමග මෙම රැය ඉතා යහපත්ව ගත කිරීමටත් ධ්‍යාන උපදවා ගැනීම සඳහා උපවාස කිරීමට සියල්ලෝම පොළඹවා ගත යුතුය.

පුණ්‍ය කාලයේ දී ජලස්නානය කර දෛනික කටුතු සියල්ලක්ම නිමකර ගැනීමෙන් අනතුරුව උපවාසය ඇරඹිය යුතුය. පුණ්‍ය කාලය අයත් වන්නේ ශිව දෙවියන්ට බව පුරාණ ග්‍රන්ථ සඳහන් කරයි. එම නිසා මෙම පුණ්‍ය කාලයේදී ශිව දෙවියන් ගැනම සිතා භාවනා කළ යුතුය. 

ශිව දේව පුජාවන් සිදු කරනු ලබන අය ශිව දේවාලවලට ගොස් ඒවා සිදුකළ යුතුය. ශිව දෙවියන් උදෙසා ශිව මන්ත්‍ර ගායනා කළ යුතුය. ඉන්පසු ශිව පුජාව සඳහා පූජා භාණ්ඩ සකස් කර ශිව ලිංගය කිරිවලින් නැහැවිය යුතුය. මෙම පූජාව සිදු කරන අවස්ථාවේ දී ශිව දෙවියන්ගෙන් තමාට කරුණාව ලැබිය යුතු බව ඉල්ලීමක් කළ යුතුවේ.

ශිව මහා පුරාණයේත් ලිංග පුරාණයේත් කන්ද පුරාණයේත් පෙන්වා දෙන ආකාරයට උපවාස අටක් ගැන කියැවේ. උත්තම ශිව රාත්‍රියේ දී හිරු බැසයන අවස්ථාවේ තිරයෝදසි තිථිය ගෙවීගොස් සදුර්ථිදසි තිථිය ලබා තිබිය යුතුය. පසුදින දවල් පූජාවට සදුර්ථදසි තිථිය තිබිය යුතුය. 

එසේ තිබුණහොත් එය උත්තම ශිව රාත්‍රිය වේ. තවද බැසගිය පසුද රාත්‍රිය ආරම්භ වී පැය දහයකට පෙර සදුර්ථය ලබා තිබුණහොත් එයද උත්තම ශිව රාත්‍රිය වෙයි. හිමිදිරි උදෑසනින් ආරම්භ වී පසුදින උදාවීම වන තෙක් සදුර්ති තිථිය තිබුණ හොත්ද හිරු බැස යාමට පෙර සදුර්ති තිථිය එළඹුන හොත් ද රාත්‍රියෙහි පැය දහයක් තිස්සේ සදුර්ථි තිබුණ හොත් එය මත්තම ශිව රාත්‍රිය වෙයි. 

රාත්‍රියෙහි පැය විස්සක් තිබී ඉන්පසු අමාවක පැවතුණ හොත් එය අදම ශිව රාත්‍රිය වේ. මෙම දවසේ උපවාස කිරීම සුදුසු නැත. එසේ උප වාසයෙන් ගතකළහොත් පිනක් නොලැබේ. 

 මෙසේ ශිව රාත්‍රිය කොටස් තුනකට බෙදුනත් ශිව රාත්‍රිය රැය තුළ සිදු කරනු ලබන පූජා විදි කොටස් හතරකට බෙදා සිදු කරන්නේ, පළමුවන යාමය, දෙවන යාමය, තෙවැනි යාමය සහ සිවුවන යාමය යනුවෙනි.

පුරාණ ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට කොටස් හතරකට බෙදා වෙන් කළ පූජාවන් වෙනස් වූ අයුරකින් කළ යුතු බව පෙනෙයි. පළමු යාමයේ දී සිදු කරන පූජාවලදී කිරි, මුදවපු කිරි. ගිතෙල්, කෝසල (තෙල් වර්ගයක්) ගෝමයම්, (ගොම) සියල්ලම එකට කලවම් කර ශිව ලිංගය නැහැවිය යුතුය. පසුව ශිව ලිංගය උණුවතුරෙන් නහවා සළු අන්දවා බෙලි කොළ නෙළුම් මල් ආදිය පුජා කළ යුතුය. 

මේ මොහොතේ පරිප්පු එකතු කරන ලද කිරිබතක් පිදිය යුතුය. එමෙන්ම කපුරු දල්වා සුවඳ දුම් අල්වා දීප පූජාව සිදුකොට වේද මන්ත්‍ර ගායනා කළ යුතුය. එමෙන්ම ශිව දෙවියන්ව සිතෙහි දරාගෙන භක්ති පූර්වකව නමස්කාර කළ යුතුය. දෙවන යාමයේ දී සිදු කරන පූජාවලදී කෙසෙල්, අඹ, කොස් යන පලතුරු ඇතුළුව පලතුරු වර්ග පහක් යොදා සාදාගත් යුෂවලින් නැවතත් ශිවලිංගය නැහැවිය යුතුය. 

පසුව කහ දියර සඳුන් දියරයෙන් නැහැවිය යුතුය. මේ අවස්ථාවේදී නෙළුම් මල්වලින් සහ මදුරුතලා කොළවලින් පූජාවක් පැවැත්විය යුතුයි. ඉන්පසු පායාසම් (එක්තරා සව් කැඳ වර්ගයක්) පූජා කළ යුතු අතර ධූප පූජාවන් ද දීප පූජාවක්ද සිදුකොට යිජුර් වේද මන්ත්‍ර ගායනාකොට යාච්ඥා කළ යුතුය. 

තුන්වන යාමයේ දී සිදු කරන පූජාවේදී මී පැණිවලින් ශිව ලිංගය නැහැවිය යුතුය. ඉන්පසු උණු වතුරෙන් නැවතත් නහවා කපුරු දල්වා එනසාල් නැතහොත් දිවුල් කොළ ගැල්විය යුතුය. තවද බෙලිකොළ ගැල්විය යුතුය. තල මිශ්‍ර කිරිබතක් පිදිය යුතුය. කස්තුරි සුවඳ ගල්වා සාම වේදයේ මන්ත්‍ර ස්ත්‍රෝත්‍ර ගායනා කොට පූජාවන් පැවැත්විය යුතුය. 

තවද මේ අවස්ථාවේ දී පංච දීපාරාධනාව සිදුකළ යුතුය. කරුප්පන්සාර් නැමැති නානුපට වර්ගයකින් ලබාගන්නා නානුවලින් ශිව ලිංගය නැහැවිය යුතුය. අතර්වන් වේදයේ සඳහන් පරිදි වේද මන්ත්‍ර ගයා දීප පූජාව සිදුකළ යුතුය. මෙසේ සතර යාමයේම පූජාවන් නිදිවර්ජිතව පවත්වා පසුදින අලුයම ස්නානය කොට පිරිසුදු වීම යෝග්‍ය බව කන්ද පුරාණය පෙන්වා දෙයි. මේ නිසා ඉන් ඇතිවන ආනිසංස බොහෝමයක් ගැනද එම පුරාණ ග්‍රන්ථයේ ලියවී තිබේ.

ශිව රාත්‍රි දිනයේ සම්පූර්ණයෙන් උපවාසයේ යෙදුන හොත් ශිව දෙවියෝ ඒ ඒ බැතිමතුන්ට ජීවත්වන කාලයටම ආරක්ෂාව සපයන බව ඔවුන්ගේ විශ්වාසය වී ඇත. තවද සතුට දියුණුව ලබා දෙන බව ශිව මහා පුරාණය පෙන්වා දෙයි. 

මෙම රැයෙහි උපවාස කිරීමත් මරණයෙන් පසු අනිවාර්යෙන්ම දිව්‍යලෝකයට යා හැකි බව හින්දුන්ගේ විශ්වාසයයි. මේ අකාරයෙන් වරු 24ක් ශිව රාත්‍රි උපවාසය සිදුකළ හොත් ශිව දෙවියන් ළඟට ගොස් මුක්තියට පත්විය හැකි බව කන්ද පුරාණය කියති. මුක්තිය යනු මෝක්ෂයයි. 

ශිව රාත්‍රියේ දී නියමාකාරයෙන් පුද පූජා පැවැත්වීමෙන් මෝක්ෂයට ළඟාවිය හැකි බව හින්දු වැසියෝ විශ්වාස කරති. 

ආචාර්ය දෙමළ පණ්ඩිත් පන්මොළි විත්තහර් 
පන්මොළි පුලවර් මඩුළුගිරියේ විජේරත්න

Classified_Ad