කෙටි කාලයකින් ලොකු දුරක් ආවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 4, 2026

කෙටි කාලයකින් ලොකු දුරක් ආවා

මෑත කාලයේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ බිහි වූ දක්ෂ රංගන ශිල්පිනියක වන්නේ තරින්දි ප්‍රනාන්දු ය. ‘කී’, ‘ඉන්ටර්නැෂනල්’, ‘සඳ හැංගිලා’, ‘රැල්ල වෙරළට ආදරෙයි’, ‘දාම්’ වැනි අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණ හරහා එකිනෙකට වෙනස් චරිත රැසකින් ප්‍රේක්ෂක හදවත් දිනා ගත් තැනැත්තියකි. 2024 තිරගත වූ My Red Comrade චිත්‍රපටයේ ඇය කළ රංගනය කැපී පෙනෙයි. රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ හොඳම නිළියට සම්මානයෙන් ද තරින්දි පිදුම් ලැබ සිටින්නීය.

රංගනය හැදෑරීමක් නොමැතිවත්ඔබ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉතාමත් කෙටි කාලයකින් ලොකු දුරක් ආවා. මේ ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි.

මා බැංකු ක්ෂේත්‍රයේ වැඩකරමින් සිටිද්දී, අම්මාගේ වියෝවත් එක්ක මට මගේ ජීවිතයේ පොඩි බ්‍රේක් එකක් ලැබෙනවා. ඒ කාලයේ දී තමයි මම රංගනයට පිවිසෙන්නේ. මම මුලින්ම රංගනය පිළිබඳව අවබෝධයක් ගන්න සහ මූලික හැදෑරීමක් කරන්න මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ රංගන වැඩමුළුවකට ගියා. සබකෝලය නැතිව හැසිරෙන විදිය, රංගනයේ දී හඬ පාලනය කරන විදිය, හුස්ම ගන්න විදිය ආදිය කොහොමද හසුරවන්නේ කියලා අවබෝධයක් ලබා ගත්තා. එතැනින් එහාට ක්ෂේත්‍රයේ මට වැඩ වැඩිවීමත් එක්ක ඒ වැඩමුළුවට සහභාගි වෙන්න නොහැකි වුණා. එතැනින් එහාට රඟපානකොට තමයි රංගනය කියන එක ඉගෙන ගත්තේ. අප රඟපානවා කියලා දැනගෙන රඟපානවා කියලා අනිත් අයට දැනෙන්න නොදී ඒ චරිතය නිරූපණය කිරීමයි රඟපෑම. 

ඔබ විවිධ චරිතවලට පණ දෙන්න දක්ෂයි. ඒ ගැන යමක් කීවොත් ...

ලැබෙන ඕනෑම චරිතයක්ඒ චරිතය ඇතුළේ ජීවත්වෙලා රඟපෑමේ හැකියාවක් මට තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපේ ඇඳුම් පැළඳුම්අපේ ආභරණතිරපිටපත වගේ දේවලුත් බලපානවා හරියට රංගනයේ නියැලෙන්න. ඒ වගේම චරිතය පිළිබඳව මූලික හැදෑරීමක් මම කරනවා. මොකද මම රංගනය කියන්නේ මොකද්ද කියලාවත් නොදැනයි මේ ෆීල්ඩ් එකට ආවේ. නමුත් මට ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලැබෙන අත්දැකීම්සහෝදර නළු නිළියන්සහ අධ්‍යක්ෂවරුන් සමග එකට වැඩ කරලාචිත්‍රපටවේදිකා නාට්‍ය නරඹලා ඒ හැම දේකින්ම ගන්න පුළුවන් දේවලුත් අරගෙන තමයි මම මට ආවේණික වූ රංගන වින්‍යාසයක් හදා ගත්තේ.

මේ දක්වා පැමිණි ගමන මොන වගේ දෙයක්ද?

මම 2016 තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. මට කියන්න සතුටුයි මේ දක්වා ලැබිච්ච සියලු චරිත එකිනෙකට හාත්පසින්ම වෙනස් විදියේ චරිත තමයි මට ලැබුණේ. ඒ හැම චරිතයකින්ම කුමක් හෝ අලුත් දෙයක් එකතු කරන්නඅලුත් දෙයක් හොයන්න පුළුවන් විදියේ අභියෝගයක් ඒ චරිත ඇතුළේ හැංගිලා තිබුණා. මම සාමාන්‍යයෙන් චරිතයක් තෝරා ගනිද්දී මීට කලින් කළ චරිතවලට සමාන චරිත භාර ගන්නවා අඩුයි. මොකක් හෝ වෙනස්කමක් මම හෝ ඒ චරිත ඇතුළේ හදාගන්නල බලනවා. මේ වෙනකන් මම ටෙලිනාට්‍ය ගණනාවකට දායකවෙලා තියෙනවා. විශිෂ්ට අධ්‍යක්ෂවරුජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක වැඩ කරන්න අවස්ථාව මට ලැබිලා තියෙනවා. අයිටීඑන් නාලිකාවේ විකාශය වුණ මහපොළව’ ටෙලිනාට්‍යයේ අනෝහාමිගේ චරිතය මට ලොකු අභියෝගයක් වුණා. මට ඒ වෙනුවෙන් කැපකිරීම් සිද්ධ කරන්න වුණා. 

රංගන ශිල්පිනියක විදියට ඒ චරිතවල තිබෙන අනන්‍යතා ආරක්ෂා කරගෙන රංගනයේ යෙදීම මොන වගේ අභියෝගයක්ද?

මේ අවස්ථාව තමයි වෘත්තීය රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකටඑහෙමත් නැතිනම් චරිතාංග නළුවෙක් හෝ නිළියක වෙන්න ආසාවෙන් ඉන්න රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට අභියෝගාත්මකම අවස්ථාව. මොකද මෙතැනින් ෆේල් වෙන්නත් පුළුවන්කඩඉම පහු කරලා සාර්ථකත්වය කරා ළඟා වෙන්නත් පුළුවන්. එකම වෙලාවක රිමෝට් කන්ට්‍රෝල් එකෙන් චැනල් මාරු කර කර මම නිරූපණය කරන චරිත බලන ප්‍රේක්ෂකයාට අපේ අඩුපාඩු හඳුනාගන්න ගොඩක් ලේසියි. එක චරිතයක තිබෙන දේවල් අනෙක් චරිතයටත් ආරෝපණය වෙන්න පුළුවන්. මෙන්න මේ කඩඉමේ තමයි දැන් මම ඉන්නේ. මම ගොඩක් දුරට උත්සාහ කරනවා එකිනෙකට වෙනස් චරිතවලින් ප්‍රේක්ෂකයා ඉදිරියට යන්න. 

ඔබේ ජනප්‍රියත්වය ගැන කතා කළොත් ...

 ගොඩක් අය ජනප්‍රිය යැයි කියලා හිතාගෙන ඉන්නේ ප්‍රසිද්ධියට. ඕනෑම දෙයක් කරලා ප්‍රසිද්ධ වීමේ හැකියාවක් මනුස්සයෙක්ට තියෙනවා. තමන්ගේ ටැලන්ට් එකක් නිසා හෝ ටැලෙන්ට් එකක් නැතුව හෝ මොනයම් හෝ දෙයක් කරලා මනුස්සයෙක්ට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය වෙන්න පුළුවන් ඉතාමත් කිහිප දෙනාටයි. ජනප්‍රිය වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක අපේ මහන්සියත් එක්ක අපි කරන වැඩත් එක්ක ඉබේම හැදෙන දෙයක්. ඒක අපිට බලෙන් හදන්නත් බැහැ. ඒකට කාලයක් යනවා. කාලයක් ගිහිල්ලා වුණත් ඒ හැදෙන ජනප්‍රිය බව නැති වෙන්නෙත් නැහැ. ඉතින් මම හිතනවා මට දැනට හැදිලා තියෙන මගේ ජනප්‍රියත්වය මම නිරූපණය කරන චරිතවලට තියෙන ආදරය නිසා හැදිච්ච ජනප්‍රියත්වයක්. ඒක මට කවදාවත් නැති වෙන්නේ නැහැ. මගේ ක්ෂේත්‍රයට ඇවිල්ලා මම කළ පළවෙනි ටෙලිනාට්‍යයේ ඉඳලාදැන් මම කරගෙන යන ටෙලිනාට්‍යය වෙනකන්ම මට ප්‍රේක්ෂකයෝ පිරිසක් හැදිලා ඉන්නවා.  

Red Comrade චිත්‍රපටයේ ආන්දෝලනාත්ක රංගනය ගැන මොකක්ද අදහස ?

තරින්දි කියලා කියන්නේ අභියෝග සමග ඉදිරියට යන්න කැමැති චරිතයක්. මම මේ වනතෙක් ආපු ගමනේ හැමදේම සාර්ථකව සිදුකර ගත්තේ අභියෝගත් එක්ක තමයි. ඇත්තටම අභියෝගයක්කුතුහලයක්බයක් නැතිනම් අපේ මේ ගමනේ කිසිම රහක් නැහැ. ඉතින් අභියෝගයත් එක්ක යන ගමන තමයි රස. මට මුලින්ම ඒ දර්ශනය දැකලා පොඩි බයක් ආවා. ඒත් චිත්‍රපටයෙන් කතාබහ වෙන දර්ශනය සහ ගැඹුරු බව හින්දා ඒ දර්ශනය කතා නොකළ යුතු පුංචි දර්ශනයක්. ඒකට මිනිස්සු ආකර්ෂණය වෙන්නේ නැහැ. මොකද ඊට වැඩිය ලොකු පණිවුඩයක් මේ නිර්මාණයෙන් ප්‍රේක්ෂකයාට ලබාදෙනවා’

Classified_Ad