Toxic ටීසරයේ සරාගිනිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 8, 2026

Toxic ටීසරයේ සරාගිනිය

කණ්ණඩ සිනමාවේ සුපිරිය; KGF චිත්‍රපට හරහා අතිශය ජනප්‍රිය වූ රොකී බායි; එසේත් නැතිනම් ඉන්දීය නළු යෂ්ගේ නවතම චිත්‍රපටය වන්නේ Toxic: A Fairy Tale for Grown-ups ය. Toxic චිත්‍රපටය මාර්තු 19 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිත අතර, එමි පූර්ව ප්‍රචාරක පටයට පෙර නිකුත් වුණු ටීසරය මේ වනවිට රසික අවධානය දිනාගෙන අවසන්ය. 

1950-70 කාලවකවානුවේ ගෝව ප්‍රාන්තයේ ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරමක් තේමා කොට ගත් Toxic: A Fairy Tale for Grown-ups චිත්‍රපටයේ ප්‍රධාන චරිත අතර, ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියන් වන කියාරා අද්වානී‍, නයනතාරා, හුමා කුරේෂි, තාරා සුතාරියා සිටින නමුත් පුර්ව ප්‍රචාරක පටයේ ඔවුන් දකින්න ලැබෙන්නේ නැත. එම සරාගී ටීසරයේ සිටින නිළිය කවුරුන්දැයි මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක් වී ඇත. ඇය යුක්රේන නිළියකි. බටහිර චිත්‍රපට ගණනාවකට සම්බන්ධ වී සිටින ඇය නටලි බර්න්ය. 

නටාලි බර්න් යුක්රේන-ඇමරිකානු සම්භවයක් සහිත නිරූපිකාවකි; රංගන ශිල්පිනියකි; නිෂ්පාදිකාවකි; දක්ෂ බැලරීනා නර්තන ශිල්පිනියකි. ඇය මීට පෙර The Expendables 3 සහ Black Adam වැනි ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටවලට රංගනයෙන් දායක වී සිටී. නටාලි බර්න් උපන්නේ යුක්රේනයේ කීව් අගනුවරය. ඇය රංගනයට සම්බන්ධ වී සිටින්නේ 2006 වසරේ සිටය.

Classified_Ad