බෙල්ලේ පහළ කොටසේ පිහිටි මෙම කුඩා අස්ථිය, අපගේ ශාරීරික සැහැල්ලුවට සහ මානසික ප්‍රබෝධයට සෘජුවම බලපාන සුවිශේෂී මංසන්ධියක් වැනිය.
මෙම අස්ථිය ‘සතුටු අස්ථිය’ ලෙස හැඳින්වෙන්නේ එහි පෙනුම සිනා මුහුණක් නිරූපණය කරන නිසාම නොවෙයි. මේ අස්ථිය සතුටු අස්ථිය ලෙස හැඳින්වීමට ප්‍රධානම හේතුව වන්නේ එය අපේ දෑත්, උරහිස් සහ මොළය වෙත යන ස්නායු පද්ධතියේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීමය.
අප සැහැල්ලුවෙන් සහ සතුටින් සිටින විට මෙම අස්ථිය අවට මාංශ පේශි ලිහිල්ව පවතින අතර, එමගින් මුළු සිරුරටම දැනෙන්නේ මනා සහනයකි. විශේෂයෙන්ම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට සහ සිරුරේ ශක්තිය නිපදවීමට අවශ්‍ය රුධිර ගමනාගමනයට ද මෙම අස්ථිය මහත් රුකුලක් වෙයි.
වර්තමානයේ බොහෝ දෙනෙක් නිතරම ජංගම දුරකථන සහ පරිගණක දෙස පහතට බලාගෙන සිටීම නිසා මෙම සතුටු අස්ථිය දැඩි පීඩනයකට ලක් වෙයි. එය අසතුටු වෙයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස උරහිස් වේදනාව, අත්වල හිරිවැටීම සහ අනවශ්‍ය විඩාව ඇති විය හැකිය. ඔබ නිතරම කෙළින් හිඳගෙන සිටීමට පුරුදු වන්නේ නම් සහ වරින් වර ගෙල ප්‍රදේශයට මෘදු ව්‍යායාම ලබා දෙන්නේ නම්, ඔබේ මෙම සතුටු අස්ථිය නිරෝගීව තබා ගනිමින් එදිනෙදා වැඩකටයුතු වඩාත් උද්‍යෝගයෙන් යුතුව කර ගැනීමට ඔබට හැකියාව ලැබෙයි.
ලුසිත ජයමාන්න
The Brain Maze ඇසුරිනි

