ඒහිපස්සිකෝ - සාම පා ගමන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 17, 2026

ඒහිපස්සිකෝ - සාම පා ගමන

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් Walk For Peace සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 

 ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ යෙදුණු භික්ෂූන්වහන්සේගේ සහභාගීත්වයෙන් මෙම සාම පා ගමන පැවැත්වේ. 

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා ලද බෝධි අංකුරයක් ද මෙම පාගමනේ වැඩමවීමට නියමිතය. 
ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හා ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් මෙම සාම පාගමන සඳහා සහාය දක්වයි. 

පාගමක අතරතුර ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන් සහ සාම්ප්‍රදායික ශිල්ප හා කලා විශේෂාංග ද ජනගත කිරීමට ද අපේක්ෂිතය. සාම පා ගමන ඒහිපස්සිකෝ ලෙස නම් කර තිබේ.

Classified_Ad