
පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි සම්බන්ධයෙන් ඇමෙරිකන් රජය, දශක ගණනාවක් තිස්සේ එක් රැස් කළ අතිශය රහස් වාර්තා, වීඩියෝ දසුන් ආදිය ප්‍රසිද්ධියට පත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දී ඇති අතර, ඇමෙරිකන් ගුවන් හමුදාව සතු එවැනි වාර්තා සිය ගණනක් මේ වනවිටත් අන්තර් ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
එසේ වුවත්, ප්‍රසිද්ධියට පත් කෙරුණු එම රහස් වාර්තා සහ වීඩියෝවල ඇති රහස්වලට වඩා ඉතා වැදගත් රහස් රැසක් ඇමෙරිකන් රජය සහ එරට හමුදාව තවමත් ඇමෙරිකන් වැසියන්ටත් ලෝකයටත් වසං කරන බව ආචාර්ය ස්ටීවන් ග්‍රියර් පවසයි. ස්ටීවන් ග්‍රියර් යනු පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි සම්බන්ධයෙන් රහස් ලොව හෙළි කිරීමට උත්සාහ ගන්නා විද්වතෙකි.
පිටසක්වළයන් සැබෑවක් බවත්, පිටසක්වළයන් ගැන ඒ තොරතුරු එක පාරට ප්‍රසිද්ධියට පත් කිරීමට ඇමෙරිකන් රජය අදිමදි කරන්නේ, ජනතාව කලබලයට පත් වීම වැලැක්වීමට බවත් ආචාර්ය ස්ටීවන් ග්‍රියර් පැහැදිලි කරයි. එසේ වුවත්, තමන් විශ්වාස කරන්නේ, ට්‍රම්ප් පරිපාලනය කළ යුත්තේ, එම රහස් සඟවා තැබීම නොව, හැකි ඉක්මනින් ප්‍රසිද්ධියට පත් කිරීම යැයි ස්ටීවන් ග්‍රියර් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
ලුසිත ජයමාන්න
Daily Mail ඇසුරිනි