බලු සුරතලාගේ නාසය කියන රහස - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 2, 2026

බලු සුරතලාගේ නාසය කියන රහස

බලු සුරතලාගේ සෞඛ්‍ය හරිම වැදගත්. බලු සුරතලාගේ සෞඛ්‍ය ගැන විමසිලිමත් වෙනවා නම්, ඔබ විමසිලිමත් විය යුත්තේ උගේ හොම්බ එසේත් නැතිනම් නාසය කෙරෙහිය. 

නාසය තෙතද? වියළිද? දියර ගැලීමක් සිදුවෙනවාද? එසේ නම් ඒ දියරවල ස්වභාවය කුමක්ද? පශු වෛද්‍යවරයකු ළඟට යා යුත්තේ කුමන වේලාවටද? ආදී මේ සියල්ල ගැන සරල අවබෝධයක් නාසය ගැන විමසිලිමත් වුවහොත් වටහා ගත හැකිය. 

සාමාන්‍යයෙන් හොඳින් තෙතමනය සහිත, සීතල නාසයක් ඇති නම්, ඔබේ බලු සුරතලා නිරෝගීය. රස්නය වැඩි දිනවල, පරිසරය වියලි බව වැඩි නම්, නාසය ද වියලීමට ලක් වෙයි. නාසය පැලීමට ලක් වීමට ද ඉඩ ඇත. එසේ නම්, ඔබ වටහා ගත යුතු කාරණාය වන්නේ ඔබේ බලු සුරතලා විජලනයට ලක්ව ඇති බවය. 

වතුර වැඩියෙන් ලබා දීම කළ යුතුය. නාසයෙන් සෙම ගැලීමක් සිදු වන්නේ නම්, සාමාන්‍යයෙන් එය කුණු දුවිලිවලට දක්වන අසාත්මිකතාවක් විය හැකිය. එසේ නොවන අවස්ථා ද ඇත. නාසයෙන් තද කහ පැහැයට හෝ කොළ පැහැයට උකු සෙම ගැලීමක් සිදුවන්නේ නම් ඒ විෂබීජ ආසාදනයක ලක්ෂණ විය හැකිය. මෙවැනි අවස්ථාවක පමා නොවී පශු වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගැනීම වැදගත්ය. 

ලුසිත ජයමාන්න 
Brain Maze ඇසුරිනි

Classified_Ad