ඇමෙරිකාවේ, කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව, ගැබිනියක වන මවකගේ මානසික ආතතිය ඉහළ මට්ටමක පවතින්නේ නම්, බිහිවන දරුවා පිරිමි දරුවකු වීමේ සම්භාවිතාව ඉතා අඩුය.
මෙය සියයට 100 ක් තහවුරු වී නැතත්, ගැබිනි මවුවරුන් 187 දෙනකු ඇසුරින් සිදු කළ අධ්‍යයනයකින් පැහැදිලි වී ඇත්තේ නිරෝගී සහ අවම ආතතියක් සහිත මව්වරුන් පිරිමි දරුවන් බිහි කිරීමේ අනුපාතය ඉහළ මට්ටමක පැවැති බවත්, මානසික හෝ ශාරීරික ආතතියෙන් පෙළුණු මවුවරුන් පිරිමි දරුවන් බිහි කිරීම අඩු වුණු බවත්ය.
ලුසිත ජයමාන්න
Live Science ඇසුරිනි
