සංචාරකයන්ට රට විවෘත කරන හැටි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 27, 2020

සංචාරකයන්ට රට විවෘත කරන හැටි



සංචාරකයන්ට රට විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින්, සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවා තිබේ.


සංචාරක කර්මාන්තය සඳහා රට විවෘත කිරීමට පෙර නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය සාකච්ඡා කර එම දිනය නිවේදනය කළ යුතු බව ද එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.


නියමු ව්‍යාපෘතිය එක් සතියකට සීමා කර තිබෙන අතර ඒ අනුව එක් දිනක දී රට තුළට ඇතුළු වීමට ඉඩදිය හැක්කේ සංචාරකයන් 300කට පමණි.


සතියේ එක් දිනක දී හැර අන් සෑම දිනක දීම ක්‍රියාත්මක වන්නේ එක් ගුවන් යානයකි. ඉහත කී එක් දිනයේ දී සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකකට අවසර හිමි වේ.


අදාළ සතියේ පළමු දිනයේ සිට ව්‍යාපෘතියට සම්බන්ධ වූ කාර්ය මණ්ඩලය නිරෝධායනය වන තුරු මෙම ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය එක්ව නිරීක්ෂණය කළ යුතු අතර අමාත්‍යාංශ දෙක එක්ව ගුණදොස් ඉදිරිපත් කළ යුතු වේ.


කලින් වෙන් කරගත් හෝ නියමිත කාලසටහනට හෝ අදාළ ගුවන් යානා පැමිණිය යුත්තේ කටුනායක හෝ මත්තල ගුවන් තොටුපොළට පමණි.


සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා රටවල් තෝරා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය එක්ව කළ යුතු අතර වීසා ගාස්තුවලට අමතරව පී.සී.ආර්. පරීක්ෂණ සහ ‘කොවිඩ්-19’ රක්ෂණාවරණය සඳහා ගාස්තු අය කෙරේ.


ඒවා සංචාරක අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙන මෘදුකාංගය (ටුවරිස්ම් ඇප්) හරහා, එනම් අන්තර්ජාලය ඔස්සේ අය කර ගැනේ. වීසා බලපත්‍ර නිකුත් කිරීමේ දී ජාත්‍යන්තර සංචාරකයන්ගේ සියලු‍ තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට යොමු කළ යුතු බව ද එම සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වේ.


සංචාරකයන් ගුවන් යානයට ගොඩවීමට පැය 96කට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු විය යුතු අතර අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල හෝ මහ කොමසාරිස් කාර්යාලය අනුමත කළ පරීක්ෂණාගාරයකින් අදාළ පී.සී.ආර්. පරීක්ෂණ කරවා ගත යුතු බව ද එහි දැක්වේ.


සංචාරක අමාත්‍යාංශය අනුමත පරීක්ෂණාගාර හා ඒ අදාළ විස්තර විදේශ සබඳතා අමාත්‍යාංශයෙන් ලබාගත යුතු අතර ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයට ද යොමු කළ යුතුය.


අවම වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ දෙකක් හෝ කළ යුතු වන අතර රටට පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණ තුනක් සිදු කෙරේ. එහිදී පළමු පී.සී.ආර්. පරීක්ෂණය ගුවන් තොටුපොළේදීත්, දෙවැන්න මෙරටට පැමිණ දින 5ත් 7ත් අතර කාලයේදීත් තෙවැන්න දින 12ත් 14ත් අතර කාලයේදීත් සිදු කළ යුතු ය. ඒ සඳහා ගෙවීම් වීසා සඳහා අයැදුම් කිරීමට පෙර හෝ හෝටල් වෙන්කරවා ගන්නා හෝ අවස්ථාවේ දී කළ යුතු වේ.


වීසා සඳහා අයැදුම් කළ යුතු වන්නේ ද අන්තර්ජාලය ඔස්සේය.


කොවිඩ්-19 රක්ෂණාවරණය ලබාගැනීම ද අනිවාර්ය වන අතර එසේ නොමැති නම් එය මෘදුකාංගය ඔස්සේ ලබාගත යුතු බවත් හෝටලයක් වෙන් කරවා ගැනීමේ දී හෝ ටිකට්පත් මිල දී ගන්නා අවස්ථාවේ දී ලබාගත යුතු බවත් එම මාර්ගෝපදේශවල සඳහන් වේ.


ශ්‍රී ලංකාවේ නැවතී සිටින කාලයේ දී දින 14ක අවම නිරෝධායන කාලය අනිවාර්ය වන අතර ඒ සඳහා හෝටලයක් කලින් වෙන් කරවා ගත යුතු වේ.


කණ්ඩායම්ගත සංචාරක සේවාවලට ද අවස්ථාව ලබා දී තිබෙන අතර එක් කණ්ඩායමකට එක් කළ හැක්කේ සංචාරකයන් අට දෙනකු පමණි.  

Classified_Ad

Classified_Ad_News_Bottom