මාස 2 කට පසු මෙල්බර්න් නුවරින් කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 31, 2020

මාස 2 කට පසු මෙල්බර්න් නුවරින් කොරෝනා

මාස දෙකකට පසු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් යළිත් වරක් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත.

ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය මෙල්බර්න්ය. 

මෙල්බර්න් නුවරින් යළි ආසාදිතයන් වාර්තා වීමට ප්‍රධාන හේතුව, සෞඛ්‍ය උපදෙස් නොතකා මෙල්බර්න් වැසියන් නිදහස භුක්ති විඳීම යැයි සෞඛ්‍ය අංශ චෝදනා නගයි.

අද (31) වනවිට මෙල්බර්න් නුවරින් හඳුනාගත් ආසාදිතයන් ගණන 9 කි. එම ආසාදිතයන් සහ ඔවුන්ගේ සමීපතමයන් කඩිනමින් නිරෝධායනයට යොමු කෙරුණු බව පැවැසෙයි.

ආසාදිතයන්ගේ පසුබිම් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ සිඩ්නි නුවර සිට පැමිණි ආසාදිතයකු නිසා අවන්හලක් කේන්ද්‍ර කොට ගනිමින් යළි මෙල්බර්න් නුවර වයිරසය ව්‍යාප්ත වී ඇති බවය.

පසුගිය ජූලි සිට ඔක්තෝබර් දක්වා කාලයේ මෙල්බර්න් නුවරින් ඉවක් බවක් නොමැතිව ආසාදිතයන් වාර්තා විය. කෙසේ නමුත්, මෙල්බර්න් වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙද්දී, මෙල්බර්න් ප්‍රාන්ත බලධාරීන්, සෞඛ්‍ය උපදෙස් අනුව, නගරය මුළුමනින්ම වසා දමා සංචරණ සීමා පැනැවීය. 

ඔක්තෝබර් වන විට වයිරස ව්‍යාප්තිය මුළුමනින්ම පාලනය කර ගැනීමට ඒ අනුව හැකිවිය. 

මෙල්බර්න් අයත් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයට වන අතර, වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට මේ වනවිට මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ.

නවතම කොරෝනා ව්‍යාප්තිය ද කලින් අවස්ථාවේදී මෙන් කඩිනමින් පාලනය කර ගැනීමට පියවර ගන්නා බව ප්‍රාන්තයේ වැඩ බලන ආණ්ඩුකාරවරිය ජැසින්ටා ඇලන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom