මුහුද ගොඩගලා නිවාස යටවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 31, 2020

මුහුද ගොඩගලා නිවාස යටවෙලා

මුතුපන්තිය දූපතේ නිවාස අද (31 ) අලුයම මුහුද ගොඩ ගැලීමෙන් යටවී ගිය බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.

මුහුදු රළ අඩි තුනක් හතරක් උසින් එකවර කඩා වැදුණු බවත් මුහුද රළු වන බවක් කාලගුණ විද්‍යාඥයන් පවා පෙර අනතුරු ඇගවීමක් කර නොතිබුණු බවත් විපතට පත් වැසියෝ පවසති.

මුතුපන්තිය සුසාන භූමිය සම්පුර්ණයෙන් යටවී ගොස් ඇති අතර, මුතුපන්තිය දුපත ආරක්ෂාවට යොදා තිබු ගල් වැටිවලට ද හානි සිදුවී ඇතැයි වාර්තා වේ.

මුහුදු රළත් සමග ගලා ආ අපද්‍රව්‍ය විශාල  වශයෙන් නිවෙස් අසල ගොඩ ගැසී ඇති බව ද පැවැසෙයි.

මුතුපන්තිය ධීවරයින් පෙන්වා දෙන්නේ 2014 සුනාමි රළ කඩා වැදූණු අවස්ථාවේදි පවා මෙවැනි මුහුදු රළක් තම දුපතට ගලා ඒමක් සිදු නොවු බවය.

Classified_Ad

Classified_Ad_News_Bottom