විකෘතිය ඇමෙරිකාවෙන් මතුවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 31, 2020

විකෘතිය ඇමෙරිකාවෙන් මතුවෙයි

මුළු ලෝකයම බිය කිරීමට සමත් වූ, ‘කොවිඩ් 19’ වයිරසයේ නව විකෘතිය ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් පළමු වරට හමුවී ඇති බව, ප්‍රාන්ත ආණ්ඩුකාර ජෙරාඩ් පොලිස්, ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.
නව වයිරස ප්‍රභේදය හමුවී ඇත්තේ, කොරෝනා ආසාදිත 20 හැවිරිදි තරුණයකුගෙන් යැයි පැවැසෙයි. 

විකෘතිකරණයට ලක්වුණු මෙම නව ප්‍රභේදය සාමාන්‍ය කොරෝනා වයිරසයෙන් වෙනස් වන්නේ මෙහි සම්ප්‍රේෂණ වේගය සියයට 70 කින් වැඩි නිසා යැයි තහවුරු වී තිබේ‍.

නව ප්‍රභේදය ආසාදනය වී ඇති තරුණයා ඩෙන්වර් නුවර පදිංචි අයකු බවත්, ඔහු පසුගිය කාලයේ ඩෙන්වර් නුවරින් පිට සංචරණය කර නොමැති බවත් පැවැසෙයි. 

ඒ අනුව, ඩෙන්වර් සෞඛ්‍ය බලධාරීන් සැක කරන්නේ, විකෘති ‘කොවිඩ් 19’ ප්‍රභේදය මෙම තරුණයාට ආසාදනය වන්න ඇත්තේ එම ප්‍රභේදය ආසාදනය වූ වෙනත් ආසාදිතයකුගෙන් බවය. 

මෙම විකෘති කොරෝනා ප්‍රභේදය පළමුවෙන් වාර්තා වූයේ එංගලන්තයෙනි. එය මේ වනවිට එංලගන්තය අයත් මහා බ්‍රිතාන්‍යය පුරාත්, ලොව තවත් රටවල් රැසකටත් ව්‍යාප්තවී අවසන්ය. 

ඊට අමතරව දකුණු අප්‍රිකාවෙන් ද නව ප්‍රභේදයක් හමුවී තිබේ. එය, එංගලන්තයෙන් හමුවුණු ප්‍රභේදයට වඩා වෙනස් එකකි.

මේ වනවිට ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 

ඊයේ (30) වනවිට 19,976,000 පසු කර තිබුණි. මරණ වාර්තා වූයේ 3,46,563 ක් ලෙසිණි.

(ඒ.එෆ්.පී.)

Classified_Ad

Classified_Ad_News_Bottom