![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjddLyLv-6_kf6wR-TuJTc_JpJIh2fti4eL75HSltOduK1M4hU_7HDAGKHx48JF8HwKF9FRi5SdZNRVkiISrof7KzScgJg36gj2HgQe0LcE5dJqCbba3RoDf6I0d7IpMISaW86DyabXiA_U/s16000/_115242610_mediaitem115237706.jpg)
සෞදි කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි බවින් ලොජේන් අල් හත්ලෝල් සෞදි රජයේ උදහසට ලක් වූවාය.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්, ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වුණු බවත් චෝදනා එල්ල වී තිබුණු අතර, ඇය වරදකාරිය වූයේ එම චෝදනාවලටය.සෞදි කාන්තාවන්ට රථ වාහන ධාවන අයිතිය හිමිකරදීමට මැදිහත් වී කටයුතු කළ, ප්‍රබල මානව හිමිකාරියක ලෙස ද ලොජේන් අල් හත්ලෝල් සැලකෙයි.
සෞදි පොලිසිය, 31 හැවිරිදි ලොජේන් අල් හත්ලෝල් අත්අඩංගුවට ගත්තේ 2018 දීය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicVKVLcA6P7px11gA37HBWFUdxaeKgF0436Jw9BzlXpM5d_FuZSO6LRrsy5EvCCGAerWU7_t6jNjoFQmOHJycxmljdWRE3oWy83tpTdXTpgwCkeVL-X3MkHCU20bnmon0gs7-6NOSFiUzB/s16000/THUMB.jpg)
පසුගිය දා, එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වෙද්දී, ලොජේන් අල් හත්ලෝල් වසර දෙකහමාරකට වැඩි කාලයක් සිරදඬුවම් ලැබුවාය.
ලොජේන් අල් හත්ලෝල් නිදහස් කරන ලෙස ලොව පුරා මානව හිමිකම් සංවිධාන විසින් සෞදි රජයට බලකරමින් සිටිද්දී, අධිකරණය මෙම තීන්දුව ලබා දුන් බව ද පැවැසෙයි.
(අල් ජසීරා)