අනුෂ්කාගේ රුවෙන් වෝග් හැඩවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 31, 2020

අනුෂ්කාගේ රුවෙන් වෝග් හැඩවෙයි

ඉන්දියාවේ 'වෝග්' සගරාවේ ජනවාරි කලාපයේ කවරය හැඩ වෙන්නේ, මව් පදවිය අපේක්ෂාවෙන් සිටින බොලිවුඩ් සුරූපිනී අනුෂ්කා ෂර්මාගෙනි. 

මේ බව ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා පළමුවෙන් අනාවරණය කළේ ද අනුෂ්කාය. 

එය අනුෂ්කාගේ රසික රසිකාවියන් ට මෙම වසරේ අනුෂ්කා සම්බන්ධයෙන් සතුටට පත්වීමට එක් හේතුවක් වනු ඇත. 

අනෙක් හේතුව වන්නේ අනුෂ්කාගේ දරු ප්‍රසූතිය මෙම ජනවාරියේ සිදුවීමට දින නියම වී තිබීමය.
වෝග් යනු ලෝ සුපතල විලාසිතා සඟරාවක් වන අතර, 'වෝග් ඉන්දියා' යනු බොලිවුඩ් සුරූපිනියන්ගෙන් හැඩ ගැන්වෙන්නකි. 

අනුෂ්කා විවාහ වී සිටින්නේ සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සමඟය‍.  

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට වැදගත් ක්‍රිකට් තරගාවලියක් මේ දිනවල පැවැත්වෙයි. 

ඒ, ඉන්දීය පිළේ ඔස්ට්‍රේලියානු සංචාරයයි. විරාට් කෝලි ට එම තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි. ඒ, ඔහු පීතෘ නිවාඩු ලබා ගනිමින් අනුෂ්කා සමඟ සිටින බැවිනි.

'ඉන්දීය පුවත් සේවා'

Classified_Ad

Classified_Ad_News_Bottom