මුරලිගේ වාර්තාවක් කඩලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Dec 31, 2020

මුරලිගේ වාර්තාවක් කඩලා

ලොව වැඩිම ටෙස්ට් කඩුළුලාභියා මුත්තයියා මුරලිදරන් වීම ශ්‍රී ලාංකික අපට ආඩම්බරයකි.

මුරලිදරන් තැබූ ලෝක වාර්තාවක් බිඳ දැමීමට ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සමත්වී සිටී. ඒ, ඉන්දියාවත් ඔස්ට්‍රේලියාවත් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.

ටෙස්ට් පිටියේ, මුරලිදරන් වමත් පිතිකරුවන් 191 දෙනකු දවා ගනිමින් වාර්තාවක් පිහිටුවා තිබුණු අතර, රවිචන්ද්‍රන් අශ්වින් බිඳ දැමුවේ එම වාර්තාව බව පැවැසෙයි.

ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිමේදී ජොස් හැස්ල්වුඩ්ගේ කඩුල්ල ලබා ගැනීමත් සමඟ රවිචන්ද්‍රන් අශ්වින් මෙම වාර්තාව තැබීමට සමත් විය.

(ඉන්දීය පුවත් සේවා)

Classified_Ad