යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
ඒ අනුව, චීන එන්නත මහා පරිමාණයෙන් මිලදී ගැනීමක් කරන රට වනු ඇත්තේ යුක්රේනයයි.
මෙම ජනවාරි මාසය අවසන් වීමට පෙර 7,00,000 ක පළමු එන්නත් තොගය යුක්රේනයට ලැබෙනු ඇති බව ද යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත.
ව්ලොදිමීර් සෙලෙන්ස්කි ද ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයකු වී සුවය ලබා තිබේ.
චීන එන්නත නිපදවා ඇත්තේ චීනයේ ‘සිනොවැක් බයෝටෙක්’ සමාගමය.
මෙය රුසියාවේ ‘ස්පුට්නික් 5’ සහ ‘ඔක්ස්ෆර්ඞ්’ එන්නතට සමාන ආකාරයේ එන්නතක් වන අතර මාත්‍රා දෙකකින් සමන්විත වෙයි.
වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසුවය.
යුක්රේන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, එන්නත් මාත්‍රා 1,913,316 ක් සඳහා ඇමෙරිකන් ඩොලර් 18 ක මුදලක් ගෙවීම සිදු කරනු ලැබේ.
චීනයේ ‘සිනොවැක් බයෝටෙක්’ ඔවුන්ගේ විදෙස් සායනික පර්යේෂණ සිදු කළේ බ්‍රසීලයේ, තුර්කියේ සහ ඉන්දුනීසියාවේය.
ඉන්දුනීසියා රජය ද එන්නත සාර්ථක බව පිළිගෙන එන්නත් මාත්‍රා මිලියන ගණනක් මිලදී ගෙන තිබේ. චීනයේ ‘සිනොවැක් බයෝටෙක්’ එන්නත මිලදී ගත් පළමු ආසියානු රට වන්නේ ඉන්දුනීසියාවය.
(ඒ.එෆ්.පී.)
No comments:
Post a Comment