ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 30, 2020

ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය


ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති ‘කොවිඩ්-19’ මර්දන ප්‍රතිශක්තිකරණ එන්නතට අද (30) බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවිය. 

ඒ අනුව, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම නිෂ්පාදනය කළ එන්නතට අනුමැතිය හිමිවුණු පළමු රට වන්නේ බ්‍රිතාන්‍යයි. 

එන්නත ලබන සඳුදා (4) බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දීමට නියමිතය.එන්නත ලබා දීම සිදුවන්නේ හදිසි තත්ත්වයක් සේ සලකා ඒය ජනතාවට ලබා දිය යුතු යැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමත්‍යාංශයේ අනුමැතිය ඊට හිමිවීමෙනි.

‘ඇස්ට්‍රාසෙනකා’ සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 100 ක් බ්‍රිතාන්‍ය රජය ඇණවුම් කර ඇති බව ද පැවැසෙයි.

මේ වනවිට ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම් එක් වී නිපදවා ඇති එන්නත‍ මහා බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දෙයි. 

ඔක්ස්ෆර්ඩ් එන්නත ලබා දෙන්නේ ඊට අමතරවය. 

මහා බ්‍රිතාන්‍යයේ සියලු දෙනා එන්නත් කිරීමට මෙම එන්නත් දෙකෙන් ලබා ගත් මාත්‍රා ප්‍රමාණවත් වනු ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් (ඇමැති) මැට් හැන්කොක් පවසා තිබේ.‘ෆයිසර්’ එන්නත ආර්.එන්.ඒ. වර්ගයේ එන්නතකි. 

එන්නත මගින් සිරුරට ඇතුළත් කරන්නේ ‘කොවිඩ් 19’ වයිරසයේ ම ජාන කොටසකි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ‘ඇස්ට්‍රාසෙනකා’ නිපදවා ඇති එන්නතේ ඇත්තේ කෘත්‍රිමව සැකැසූ ‘කොවිඩ් 19’ වයිරසයේ ජාන කොටසකි. 

‘ෆයිසර්’ එන්නත සේම, ඔක්ස්ෆර්ඩ් එන්නත ද මාත්‍රා දෙකකින් යුක්තය.

(රොයිටර්)

Classified_Ad

Classified_Ad_News_Bottom