යුරෝපා රටවලට එන්නත ලැබේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 27, 2020

යුරෝපා රටවලට එන්නත ලැබේ

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත යුරෝපා සංගමයට අයත් රටවල වැසියන්ට ලබා දීම අද (27) සිට ආරම්භ විය.


මේ වනවිට මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ඊශ්‍රායලය, කැනඩාව ඇතුළු රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට ලබා දෙන්නේ ‘ෆයිසර්’ එන්නතය. ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම, එන්නත නිපදවා ඇත්තේ, ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම සමඟ හවුල් වෙමිනි. මාත්‍රා දෙකකින් සමන්විත ‘ෆයිසර්’ එන්නත සියයට 95 ක් සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නතක් ලෙස ද සැලකෙයි.


යුරෝපා සංගමයට රටවල් 27 ක් ඇතුළත් වන අතර, එලැඹෙන 2021 නව වසර පුරා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මත වනු ඇති බව ද පැවැසෙයි. එන්නත මිලදී ගනිමින්, එය බෙදා හැරීමේ කටයුතු සිදු කරන්නේ යුරෝපා සංගමයයි. යුරෝපා රටවල ජනගහනය මිලියන 450 ක් වන අතර, මේ වනවිට යුරෝපා සංගමය ‘ෆයිසර්’ එන්නත් මාත්‍රා බිලියන දෙකක් මිලදී ගෙන ඇති බව ද පැවැසෙයි.


එන්නත් පළමුවෙන් ලබා දෙන්නේ අවුරුදු 65 ට වැඩි වැඩිහිටි ප්‍රජාවට සහ මුල් පෙළ සෞඛ්‍ය අංශ සාමාජික සාමාජිකාවන්ට යැයි යුරෝපා සංගමය පැහැදිලි කර තිබේ. ‘ෆයිසර්’ එන්නතට අමතරව ඇමෙරිකාවේ ‘මොඩර්නා’ ජෛව පර්යේෂණ ආයතනය නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත කෙරෙහි ද යුරෝපා සංගමයේ අවධානය යොමු වී තිබේ.


ජර්මනියේ පළමු ‘ෆයිසර්’ එන්නත ලබා ගත්තේ අවුරුදු 101 ක් වයසැති අත්තම්මා කෙනෙකි. ඊඩිත් කොයිසල්ලා නමැති ඇය ඇගේ ජීවිතයේ සැදෑ සමය ගත කරන්නේ සැක්සොනි අන්හල්ත් පළාතේ වැඩිහිටි නිවාසයකය. යුරෝපා රටවල් බොහොමයක් මේ වනවිට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තෙවැනි රැල්ලට මුහුණ පා සිටී. ජර්මනිය ද ඒ අතර සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


(අල් ජසීරා)


Classified_Ad

Classified_Ad_News_Bottom