මියගිය කුරුල්ලන්ට කුරුලු උණ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 31, 2020

මියගිය කුරුල්ලන්ට කුරුලු උණ නෑ

විල්පත්තුව ජාතික උද්‍යාන මායිමේ, පේරක කලාපය ආසන්නයේ, වනාතවිල්ලු එළුවන්කුලම රාල්මඩුව කුඹුරු යායා තුළ කුරුල්ලන්1000 කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය සතියේ හදිසියේ මියගොස් සිටි අතර, එම කුරුල්ලන්ට කුරුලු උණ රෝගය වැලඳෙන්න ඇතැයි බියක් පළ විය.

කෙසේ නමුත් කුරුල්ලන්ගේ ජෛව පටල සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු උන්ට කුරුළු උණ වලදි නැති බව සැකහැර දැන ගැනීමට හැකිවුණු බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා පැහැදිලි කර තිබේ. 

මියගොස් ඇත්තේ එකම කුරුලු විශේෂයකට අයත් කුරුල්ලන්ය. 

කුරුල්ලන්ගේ මරණයට හේතුව තවමත් පැහැදිලි නැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත් පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වෙල් යාය තුළ දී කුරුල්ලන්ට විෂක් කෑවීමෙන් උන් මිය යන්න ඇතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති. ඒ සම්බන්ධයෙන් වෙනම වැඩිදුර විමර්ශනයක් පැවැත්වෙයි‍.

Classified_Ad

Classified_Ad_News_Bottom