කෝලි නැත්තේ ඇයි? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 27, 2020

කෝලි නැත්තේ ඇයි?


ඉන්දියාවට ඉතා වැදගත්, ඉන්දු ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය මේ වනවිට ආරම්භ වී ඇත. තරගාවලිය පැවැත්වෙන්නේ  ඕස්ට්‍රේලියාවේය. 


එක්දින තරග තුනකින්, විස්සයි විස්ස තරග තුනකින් සහ ටෙස්ට් තරග හතරකින් මෙම තරගාවලිය සමන්විතය.
එක්දින සහ විස්සයි විස්ස තරගවලටත්, පළමු ටෙස්ට් තරගයටත් සහභාගි වීමෙන් පසු තමාට නිවාඩු ලබා දෙන ලෙස පසුගියදා කෝලි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබූ අතර  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුගේ ඉල්ලීමට කන්දෙමින් ඔහුට නිවාඩු ලබා දුන්නේය. 


ඒ අනුව කෝලි,  ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්  නුවර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසු නැවත ඉන්දියාව බලා පැමිණියේය. ඉන්දීය පමණක් නොව, ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනකුගේ ප්‍රශ්න වන්නේ ‘කෝලි කෝ? සහ කෝලි නැත්තේ ඇයි?’ යන්නය.



32 හැවිරිදි විරාට් කෝලි විවාහ වී සිටින්නේ බොලිවුඩ් සුරූපිනියක වන 32 හැවිරිදි අනුෂ්කා ෂර්මා සමඟය‍. විරාට් සහ අනුෂ්කා  සිය පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින්නේ  විවාහයෙන් වසර තුනකට පසුවයි. 

අනුෂ්කා ගැබ්ගෙන ඇති බව ඔවුන් මුල් වරට ප්‍රකාශයට පත් කළේ පසුගිය අගෝස්තු මාසයේය. කෝලි යළි ඉන්දියාවට ගියේ අනුෂ්කා දරු ප්‍රසූතියට සූදානම් බැවිනි.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom