එන්නත වැඩිහිටියන්ට සුදුසු නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 30, 2021

එන්නත වැඩිහිටියන්ට සුදුසු නෑ

‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැලැක්වීමට නිපදවා ඇති ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ට නිර්දේශ නොකරන බව එම එන්නත සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජර්මන් වෛද්‍ය කණ්ඩායම පවසයි. 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත මිලදී ගැනීමට ජර්මනිය සූදානමින් සිටී. ඊට පෙර එන්නත සුදුසු ද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ට සුදුසු නැතැයි තීරණය කර ඇත්තේ එම වෛද්‍ය කණ්ඩායමය. ඒ, එන්නත ලබා ගැනීමෙන් සංකූලතා හට ගන්නා බව පෙන්වා දෙමිනි. 

වෛද්‍ය කමිටුව වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එන්නත ලබා ගන්නා අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ගේ සිරුරුවල වයිරසයට එරෙහිව ප්‍රතිශක්තියක් නිර්මාණය වීම ඉතා අඩු මට්ටමක පවතින බවය. 

කෙසේ නමුත් එන්නත නිපදවීමට දායක වුණු ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් මෙන්ම ‘ඇස්ට්‍රා සෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම අවධාරණය කර ඇත්තේ, තමන්ගේ එන්නත අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන් සඳහා සියයට සියයක් ආරක්ෂිත බවය. 

විශේෂඥ වෛද්‍ය කමිටුව පෙන්වා දී ඇත්තේ, එන්නත සුදුසු අවුරුදු 18 ත් 64 ත් වයස් සීමාවේ පසුවන අයට පමණක් බවය. 65 ට වැඩි අය වෙනුවෙන් ‘ෆයිසර් බයෝඇන්ටෙක්’ එන්නත ලබා දීම සුදුසු බව පවසයි. 

මේ වනවිටත් ‘ෆයිසර් බයෝඇන්ටෙක්’ එන්නත වැඩිහිටියන්ට ලබාදීම සිදුවෙයි. 

‘ෆයිසර් බයෝඇන්ටෙක්’ කොරෝනා ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වී නිපදවන ලද්දකි. 

ජර්මනිය යුරෝපා සංගමයේ සාමාජික රටකි. යුරෝපා සංගමය ඔක්ස්ෆර්ඩ් එන්නත මහා පරිමාණයෙන් නිපදවන්නැයි ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගමට පවසා ඇති අතර, එම එන්නත් මිලදී ගැනීමට ද සැදී පැහැදී සිටී. 

ජර්මන් රජය, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරමින්, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ගැන අධ්‍යයන වාර්තාවක් ලබා ගත්තේ එහෙයිනි. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom