එන්නත විශ්වාස නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 30, 2021

එන්නත විශ්වාස නෑ

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් ලබා ගැනීම අනතුරුදායක බවත්, වයිරසයෙන් ආරක්ෂා වීමට හුමාලය ඇල්ලීම සහ ලුණු වතුරෙන් උගුර සේදීම ආදී සෞඛ්‍ය නිලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපැඳීම ප්‍රමාණවත් බවත් ටැන්සානියා ජනාධිපති ජෝන් මැගුෆුලී පවසයි. 

ටැන්සානියා ජනාධිපතිවරයා පවසන්නේ හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම, මුහුණු ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මගින් වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීමට හැකිවන බවය. 

ටැන්සානියා ජනාධිපති ජෝන් මැගුෆුලී, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අවතක්සේරු කරන අප්‍රිකා රාජ්‍ය නායකයෙකි. 

වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් සම්බන්ධයෙන් තමන්ගේ පැහැදීමක් නොමැති බව ටැන්සානියා ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ටැන්සානිසා වැසියන්ට එන්නත් ලබා ගැනීම තම රජයේ වගකීමක් බව ද පවසමිනි. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom