ඇමෙරිකාවන් පාසල් 120කට සුවතා කාමර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 30, 2021

ඇමෙරිකාවන් පාසල් 120කට සුවතා කාමර

‘කොවිඩ්-19’ තත්ත්වය තුළ පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කලාප හා පළාත් අධ්‍යාපන සහ සෞඛ්‍ය බලධාරීන්ගේ සම්බන්ධීකරණය ඇතිව රටපුරා පිහිටි පාසල් 120ක සුවතා කාමර (හෙල්ත් රූම්ස්) ඇති කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. 

මෙම වැඩසටහන ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනකගේ සෞඛ්‍ය හා යහපැවැත්ම සඳහා සහාය දීමට මුලපිරීමක් වනු ඇතැයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන මූලික පූර්වාරක්ෂණ ක්‍රියාමාර්ග සහ සෞඛ්‍ය නිර්දේශ ප්‍රවර්ධනය කිරීම මෙම සුවතා කාමර මාර්ගයෙන් සිදු කෙරේ. 

ඇඳන්, මෙට්ට, ප්‍රථමාධාර කට්ටල, එහා මෙහා ගෙන යා හැකි තර සහ ජල ඩිස්පෙන්සර් ද මෙම කාමරවලට ඇතුළත් වේ. අවශ්‍ය වුවහොත් සිසුන් වෙන් කර තැබීමටත් ඊට සම්බන්ධ අනෙකුත් රැකවරණ සඳහා ද මෙම කාමර මගින් ඉඩ සලසා තිබේ. 

 යාපනය, කිලිනොච්චිය, මුලතිවු, වවුනියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, මහනුවර, මොනරාගල සහ ගම්පහ පිහිටි පාසල්වලට මුල් අදියර යටතේ මෙම සුවතා කාමර හිමි වේ. 

 ඇමෙරිකා එක්සත් ජනපදයේ සංවර්ධන නියෝජිතායතනය වන ජාත්‍යන්තර සංවර්ධනය එක්සත් ජනපද නියෝජිතායතනය (යු.එස්.එයිඩ්) හරහා මෙම සුවතා කාමරවලට ආධාර කෙරේ.

Classified_Ad

Classified_Ad_News_Bottom