කොටස් වෙළෙඳපොළ ඇණහිටී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 30, 2021

කොටස් වෙළෙඳපොළ ඇණහිටී

තැරැව්කාර සේවා පද්ධතියක ඇති වූ තාක්ෂණික බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු ඊයේ (29) දහවල් 12.07ට ඇණ හිටියේ ය. 

 මෙම ඇණ හිටීමෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ මෙහෙයුම් කටයුතුවලට බලපෑමක් නොවුණු බව ද එම වෙළෙඳපොළ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

 තැරැව්කාර සේවා පද්ධතියක බිඳ වැටීමක් හේතුවෙන් ගනුදෙනු පද්ධතිය එලෙස බිඳ වැටුණු බවත් පස්වරු 12.45 ට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා යළි විවෘත කළ බවත් අදාළ නිවේදනයේ දැක්විණි. 

 මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කරන බවත් එහි දැක්විණි. 

 මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 143.94කින් එනම් සියයට 1.63කින් පහත වැටුණි. 

කෙසේ නමුත් කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 8.85කින් එනම් සියයට 0.25කින් ඉහළ ගියේය.

Classified_Ad

Classified_Ad_News_Bottom