ඉරාක සංචාරයට සූදානම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 30, 2021

ඉරාක සංචාරයට සූදානම්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉරාක සංචාරයට සූදානමින් සිටින බවත්, එම සංචාරය අතරතුරේ එතුමන්, ඉරාකයේ ප්‍රධාන ෂියා මුස්ලිම් ආගමික නායක අයතුල්ලා අලී අල් සිස්ටානී හමුවීමට නියමිත බවත් වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

 පාප්තුමකු ඉරාකයේ සංචාරයකට යනු ඇත්තේ සහ ප්‍රධාන ෂියා මුස්ලිම් ආගමික නායකයකු හමුවනු ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවටය. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉරාකයට යෑමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මාසයේය. 

 වකිතානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, පාප්තුමන් සහ අයතුල්ලා අලී අල් සිස්ටානී අතර හමුව පෞද්ගලික හමුවක් වනු ඇති බවය. 

ෂියා මුස්ලිම් ආගමික නායක අයතුල්ලා අලී අල් සිස්ටානී ට අමතරව ඉරාකයේ ප්‍රධාන සුන්නි මුස්ලිම් ආගමික නායක ෂෙයික් අහ්මද් අල් තයාබ් ද හමුවීමට පාප්තුමා සූදානමින් සිටින බව වතිකාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom