එන්නත ආවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 28, 2021

එන්නත ආවා

ඉන්දියා රජය ප්‍රදානය කළ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත් තොගය රැගත් විශේෂ ඉන්දීය ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය. 

ඉන්දීය ගුවන් සේවයේ එයාර් ඉන්දියා A I - 281 ගුවන් යානය එන්නත් මාත්‍රා ලක්ෂ 5 රැගෙන උදෑසන 11.35 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා විය. 

එන්නත් තොගය නිල වශයෙන් භාර ගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. 

පසුව එන්නත් තොගය විශේෂිත ඇසුරුම් පෙට්ටි 42 ක අයුරා ගීතකරණ සහිත රථවල බහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත රැගෙන යෑමට කටයුතු කෙරුණි. 

එන්නත් තොගය අද සවස රෝහල් 6 ක් වෙත බෙදා හැරීමට නියමිත අතර, හෙට (29) සිට එන්නත්කරණ කටයුතු කඩිනමින් ආරම්භ වනු ඇති බව පැවැසෙයි.

Classified_Ad