සානියා මිර්සාට කොරෝනා හැදිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 20, 2021

සානියා මිර්සාට කොරෝනා හැදිලා


ඉන්දීය සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ බව ඉන්දීය මාධ්‍ය අද (20) වාර්තා කළේය. 

ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේ සානියා ඇගේ ඉන්ස්ට්‍රගෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් දැමූ සටහනක් පාදක කර ගනිමිනි. 

මිර්සා විවාහ වී සිටින්නේ පාකින්තාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂොහීබ් මලීක් සමඟය. ෂොහීබ් මලීක් පසුගිය දා පැවැති LPL තරගාවලියට ද එක් විය. 
තමන් වයිරසය ආසාදනය වී සුවය ලැබුණත්, තමන් එයින් දැඩි ලෙස පීඩාවට පත් වුණු බවත්, වයිරසය විහිළුවක් නොවන බවත් සානියා මිර්සා වැඩි දුරටත් ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ පවසා තිබේ. 

මිර්සාට දෙහැවිරිදි පුතකු සිටින අතර, තමන් ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු මිර්සා පුතුගෙන් වෙන් වී සිටියාය. තමන්ට එය අසීරු කාලයක් බව ද ඇය පවසයි. 
තමන් මුඛ ආවරණ පලඳිමින්, අත් පිරිසුදු කරමින්, සමාජ දුරස්ථභාවයෙන් කටයුතු කළ නමුත් තමන්ට වයිරසය ආසානය වූ බව ද මිර්සා වැඩි දුරටත් කියා සිටී.

ඉන්දීය පුවත් සේවා

Classified_Ad

Classified_Ad_News_Bottom